එ ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධ...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කළ පසු එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ.
වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, මහාචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයන් පිරිසක් එක්ව මෙම වැඩපිළිවෙළ සකසා ඇතැයි වාර්තා වෙයි.
සියලු ජාතීන්ගේ විශ්වාසය දිනාගනිමින්, වඩා ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කර ජනපතිවරණය ජයගන්නා ආකාරය එහි පැහැදිලි කර ඇතැයි දැනගන්නට ලැබේ.
රටේ ජනමතය සලකා බලා ඉදිරි මාස දෙක ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත්, එම ජනමතය නොසලකා හැර සිටීමට අගමැතිවරයාට නොහැකි වනු ඇති බවත් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ සකස් කිරීමට සම්බන්ධ වූ නියෝජිතයන් අතර සාකච්ඡා වී තිබේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එවක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදී ජනතාවගේ ඉල්ලීම ප්‍රධාන සාධකයක් වූ බවද එම නියෝජිතයන් විසින් පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව රටේ ඉදිරි අවුරුදු 05 සංවර්ධනය කරන ආකාරය ගැන සියලු පාර්ශ්වයන්ගේ අදහස් උපයෝගී කරගෙන වැඩපිළිවෙළක් සකස් කිරීමටද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.
– ada

COMMENTS