දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග

PropellerAds

ඉ දිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කකුල් කැඩුණු අශ්වයකු ඉදිරිපත් කර පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොමැති ...

සජිත් - රනිල් නිසා පාලිත මන්ත්‍රීකම ඔට්ටු අල්ලයි
ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා - ගාමිණි ජයවික්‍රම
කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න - රනිල් වික්‍රමසිංහ
දිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කකුල් කැඩුණු අශ්වයකු ඉදිරිපත් කර පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. රටේම කැමැත්ත දිනාගත් පොහොට්ටුවෙන් ඉදිරිපත්වීමට කකුල් කැඩුණු අශ්වයන් බලාගෙන සිටින නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කරනුයේ පොහොට්ටුවේම අපේක්ෂකයකු පමණක් බවත් රණතුංග මහතා අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට උඩුගම්පොළ දී එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

‘රටේ දේශපාලන ක්ෂේත්‍රය අද වෙන කොට තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙනවා. දැන් වෙන කොට රටම අවුල් ජාලයක් වෙලා ඉවරයි. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව වගේ සෑම ක්ෂේත්‍රයක්ම කඩාගෙන වැටිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාව නිසයි.

ජනාධිපතිවරයා වගේම අගමැති ප්‍රමුඛ ආණ්ඩුවත් අපේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච දුර්වලම පාලකයන් බවට කිසිම විවාදයක් නැහැ. මේ අවුල ලෙහා ගැනීම සඳහා ඇති එකම විකල්පය වහාම මැතිවරණයකට යාමයි. නමුත් ජනාධිපතිවරයා වගේම අගමැතිවරයාත් මැතිවරණවලට බයයි.

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට විශිෂ්ට ජයක් ලැබුණා. ඒ නිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය වසර දෙකක් තිස්සේ කල්දමමින් ඉන්නවා. කොහොම වුණත් ජනාධිපතිවරණය අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියන්නම වෙනවා. තව මාස හතරකින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි.

අපට දැනගන්න ලැබිලා තියෙනවා ජනාධිපතිවරණය කල්දාගන්න සමහරු උත්සහ කරනවා කියලා. හැබැයි කාටවත් ජනාධිපතිවරණය කල්දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. එහෙම කළොත් රටේම ජනතාව පාරට බස්සලා දැවැන්ත අරගලයක් කරන්න අපි සූදානම්. ජනාධිපතිවරණය පමණයි ජනතාවට ඉතුරු වෙලා තියෙන බලාපොරොත්තුව.

අපි මැතිවරණවලට බය නැහැ. අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. පළාත් සභා ද, පාර්ලිමේන්තු ද, ජනාධිපතිවරණය ද කියලා වෙනසක් අපට නැහැ. අපට ඕනේ මොකක් හරි මැතිවරණයක්. මැතිවරණවලට බය නැත්නම් පුළුවන් නම් මැතිවරණයක් තියන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ඕනැම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපට පුළුවන්.

මේ ආසන බල මණ්ඩලය අද තීන්දු කළා ජනා‍ධිපතිවරණ‍යට අපේ අපේක්ෂකයා පොහොට්ටුව නියෝජනය කරන කෙනෙක් විය යුතු බව. ඒ මතයේ තමයි මම මුල සිටම හිටියේ. මහින්ද මහත්තයාගේ ආශිර්වාදයෙන් අපට හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. කකුල්  කැඩුණු අශ්වයෝ දාගෙන ජනාධිපතිවරණ රේස් එක දුවන්න අපට අවශ්‍ය නැහැ.

අපි රේස් එකට දාන්නේ හොඳට දුවන්න පුළුවන් ජවසම්පන්න අශ්වයෙක්. අපිට ඕනේ දිනන්න මිසක් පරදින්න නෙමෙයි. මේ වෙනකොට ලංකාවේ තියෙන ලොකුම තනි පක්ෂය තමයි පොහොට්ටුව. පොහොට්ටුව කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ පක්ෂයයි. ඒක හැදුණේ ජනතාවගේ අතින්.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පටන් ගන්නත් පෙරම පරාද වෙලා ඉවරයි. රනිල් ද, කරු ද, සජිත් ද කියන එක තෝර ගන්න බැරුව කුලල් කා ගන්නවා. අපේ පක්ෂයේ ඉන්නේ එක නායකයයි. හැබැයි පඳුරකට ගැහුවොත් එජාපයේ නායකයෝ විස්සක් තිහක් විසි වෙනවා. නිදහස් පක්ෂය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

පක්ෂය ගැන අපට තියෙන්නේ කණගාටුවක්. මුළු රටම කියනවා මෛත්‍රි එපා කියලා. හැබැයි නිදහස් පක්ෂයේ පින් මන්ත්‍රීවරුන් ටික ගිහින් ලියුමක් දෙනවා මෛත්‍රි ඕනේ කියලා. මේවා තමයි හොඳම විහිලු. අපි ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ජනාධිපතිවරයාට ලනු දෙන එක නතර කරන්න කියලයි.

අනෙක් පක්ෂ සේරම එක මිටකට අරගෙන පරද්දන්න පුළුවන්කම පොහොට්ටුවට තිබෙනවා. අපි දැනටමත් පුළුල් සන්ධානයක් ගොඩනගමින් යනවා. ඒ සන්ධානයට අන්තවාදී, ජාතිවාදී පක්ෂ සහ පුද්ගලයන් හැර අනෙක් ඕනෑම දේශප්‍රේමී පක්ෂයකට, පුද්ගලයකුට එකතු වෙන්න පුළුවන්. දැනටතමත් අපි සමඟ පක්ෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා.

ඒ පුළුල් සන්ධානය තුළින් ජනාධිපතිවරණයේදී 60% ඉක්ම වූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න අපට පුළුවන්. එතැන් සිට අපි වසර පහෙන් පහට සැලසුම් සහිතව මේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා. නැවත වරක් මේ රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යාමට අපි සූදානම්.

මෙම රුස්වීමේදී විශේෂ යෝජනා තුනක් ඒකමතිකව සම්මත කෙරෙණ. එළෙඹණ ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නැගීම එළෙඹෙන ඕනෑම මැතිවරණයක් සදහා පොහොට්ටුව ලකුණින් තරග කිරීම සහ මැතිවරණ සටන මහෙය වීම මහින්ද රාජපක්ෂ මහතා විසින්ම සිදු කිරීම එම යෝජනා තුනයි. මෙම යෝජනා තුන සභාවට ඉදිරිපත් කලේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රී වරයාය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල උප සභාපති සුජීව සම්පත් යන මහත් වරුද මෙහිදී කථා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න කකුල් කැඩුණු අශ්වයන්ට ඉඩ දෙන්නේ නෑ - ප්‍රසන්න රණතුංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwwSEnFAirM91-7otIlyEOiFGONTVGZar0ZSc7VIs5VW0_WPmRsLOW-seToxSWkZBnXjRzji9e2VT9PWFt7hopVBzlCVdjSahDexgAz42Xucz9n9c_V_P9gF2qkqx35MaJ2pAbhN-Wczv3/s320/prasanna-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwwSEnFAirM91-7otIlyEOiFGONTVGZar0ZSc7VIs5VW0_WPmRsLOW-seToxSWkZBnXjRzji9e2VT9PWFt7hopVBzlCVdjSahDexgAz42Xucz9n9c_V_P9gF2qkqx35MaJ2pAbhN-Wczv3/s72-c/prasanna-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy