කුලියාපිටියේ පොල් කැඩූ පුද්ගලයන් උතුරේ කාර්යාල කාර්ය සහායක හා ආරක්ෂක නිලධාරීන් ලෙස යොදවා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එ...
කුලියාපිටියේ පොල් කැඩූ පුද්ගලයන් උතුරේ කාර්යාල කාර්ය සහායක හා ආරක්ෂක නිලධාරීන් ලෙස යොදවා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.
අද විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
" දමිළ භාෂාව කතා කරන ජනතාව 100% ක් සිටින ප්‍රදේශවලට දමිළ භාෂාව කතා කළ නොහැකි අය සේවයේ යොදවා තිබෙනවා. යාපනය කච්චේරියේ සේවය කරන රියදුරන් හය දෙනෙක් ගාල්ලෙන් පැමිණ තිබෙනවා. ඇයි ගාලු රියදුරන් යොදවා තිබෙන්නේ. කුලියාපිටියේ පොල් කඩන පුද්ගලයින් උතුරේ කාර්යාල කාර්ය සහායකයින් හා ආරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ යොදවා තිබෙනවා. පොල් මිල ඉහළ යන්නත් හේතුවක් වන්නේ පොල් කැඩීමට පුද්ගලයන් නොමැති වීමයි.”
COMMENTS