දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි
Homeප්‍රවෘත්ති

පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධි...

'වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි' - මහ බැංකු අධිපති දැනුම් දේ!
මහින්ද චමුදිතට කෝල් කරයි! සැක අයගේ නම් ඉල්ලයි!
විමල්ගේ ගෙදර හදිසි රැස්වීමක්! 2 වැනිදා තීරණාත්මකයි!
පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයේ කණ්ඩායමක් තීරණය කර ඇති බව හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ බවත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බව පවසමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කිරීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මීට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීම, සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට ‍දොස් පැවරීම යන කාරණා මඟින් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් දක්නට තිබෙන බවත් මෙය ආණ්ඩුවේ ඉදිරි ගමනට ඉතා අහිතකර තත්ත්වයක් බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

පවතින මේ අර්බුදය තවදුරටත් ඉදිරියට යන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික අණ්ඩුවෙන් ඉවත් වීමට කාලය එළැඹී තිබෙන බවත් එම තීරණය ගන්නා තෙක් අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපති වෙත පවරා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් දෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

1989 වසරෙන් පසුව රටේ අග්‍රාමාත්‍යවරයා නොමැති අවස්ථාවක හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගැනීමෙන්ම ආණ්ඩුවේ වර්තමාන අර්බුදය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද දිසානායක මහතා අවධාරණය කළේය.

මේ මස 19 වැනිදා පක්ෂයේ නායක ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට කණ්ඩායමක් සූදානමින් සිටින බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි
පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි
http://am.lk/media/k2/items/cache/4a3c88d28c87d515742d3df7316e1ce0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy