දඹානේ ආදීවාසීන් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂික සිදු කරන්නාවූ මීපැණි පූජාව අද සිදු කෙරිණි. වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ප්‍රමුඛ පිර...
දඹානේ ආදීවාසීන් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂික සිදු කරන්නාවූ මීපැණි පූජාව අද සිදු කෙරිණි.
වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ප්‍රමුඛ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන දින පෙරවරුවේ ආදීවාසීහූ මී පැණි පුජාව සිදුකරනු ලබන අතර එය වැදි නායක තිසා හාමිගේ අභාවයෙන් පසු අඛණ්ඩව පවත්වා ගෙන ඒමට වන්නියලෑ ඇත්තෝ කටයුතු කරමින් සිටිති.
පෞරාණිකව සිදුකෙරෙන මීපැණි පූජාව සඳහා දළදා මාලිගාවට පැමිණි ආදීවාසීන් පිරිස දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
(මහනුවර කමල් සුරවීර)
COMMENTS