දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ ශිතකරණයක දමා සඟවා සිටි පුද්ගලයකු ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මුව මස් ක...
දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ ශිතකරණයක දමා සඟවා සිටි පුද්ගලයකු ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුව මස් කිලෝ 20 ක් සමඟ මස් දමා තිබු ශීතකරණය අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලයක කපුවකු බවද පැවසේ. ලුණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
කතරගම පුදබිම ආසන්නයේම සැරි සැරූ මුවකු මරා මේ අයුරින් ශිතකරණයේ දමා ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
COMMENTS