ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල දුන්නේයැයි සැකපිට එවකට බුද්ධි අංශ අධ්‍යක්ෂ, යුද හම...
ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල දුන්නේයැයි සැකපිට එවකට බුද්ධි අංශ අධ්‍යක්ෂ, යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.
එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඔහුට තවදුරටත් යුද හමුදා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.
පසුගිය 2008 අගෝස්තු 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් තිබිණි. එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස සිටියේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාය.
COMMENTS