රට වැටී සිටින අර්බුදයෙන් යළි ගොඩ නැගීම සඳහා තවත් වසර 10ක පමණ කාලයක් ගත වනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය...
ඇය මෙම අදහස් පළ කළේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,
“අධ්‍යාපනය සම්පූර්ණයෙන් විනාශයි. පාසල්වල උගන්වන්නේ නෑ. දෙමව්පියෝ ණය වෙවී ටියුෂන් පන්තිවලට යනවා. මහා ටියුෂන් මාෆියාවක් හදලා තියෙනවා. ඒකත් මොකද මේ? අපේ ළමයින්ගේ කොන්ද කඩන අධ්‍යාපන පද්ධතිය. පාසල් දරුවෝ ළඟ ගුරුවරු දණ ගහලා. හැම කොල්ලටයි, බල්ලටයි දණ ගහලා වදින්න පටන් අරන්. කරන්න එපා ඒක. මොකටද අපි කරන්නේ? ටීචර් කරන්නත් ඕනෙත් නැහැ. තමාගේ දෙමව්පියන්ටයි, තමා ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්ටයි විතරයි වඳින්න ඕනේ. කොහේ හරි යන හොර ඇමතිවරයෙක් ආවොත් ඒ යකාට වඳිනවා. මොකක්ද මේ? අපි දරුවන්ගේ කොන්ද කඩනවා. ඕක උච්චතම ස්ථානයට ගෙනාවේ රාජපක්ෂවරු. රාජපක්ෂ ආපු ගමන් ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එනකොට එයාගේ ළඟ ඉන්න ලේකම්ලා ටික දැනගහන්න කියනවා.”
“ඉතින් මෙයාට නැත්නම් අර ආපු වැඩේ කෙරෙන්නේ නෑ. මේක නවත්තන්න වහාම. අපි මෙතනින් ගොඩ එන්නේ කොහොමද? එක එක පක්ෂ මේ පැත්තෙන් සැරිසරනවලු. එක නමක් නැහැ. දැන් තවත් නමක් දාගෙන. නම් දෙකක් තියාගෙන ඒගොල්ලෝ පනිනවා, පනිනවා, පනිනවා, හැමෝටම පනිනවා. දැන් මටත් බනින්න පටන් ගන්නවා. මොකද මම කිව්වා කියලා, මගේ ස්වාමිපුරුෂයා විජයව මැරුවේ ඒ ගොල්ලෝ කිව්වා කියලා. මේගොල්ලෝ දැන් රට හදනවා කියනවා. හැබැයි එක වචනයකින්වත්, මේ කඩාගෙන වැටිලා තියෙන දේවල් කොහොමද ගොඩනගන්නේ කියලා කියලා තියෙනවා. මේක හදන්න මිත්‍රවරුනි, අවුරුදු දහයක් යනවා. කවුරුහරි කෙනෙක් කිව්වොත්, අපි අවුරුද්දෙන් මේක හදනවා කියලා පට්ට බොරුවක්.”

COMMENTS