පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නාමල් රාජපක්ෂ මහතා තමා හිල්ටන් හෝටලයේ දී හමු වී එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම මිල දී ගැනීමට කටයුතු කරන...
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නාමල් රාජපක්ෂ මහතා තමා හිල්ටන් හෝටලයේ දී හමු වී එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම මිල දී ගැනීමට කටයුතු කරන්නැයි පැවසු බවත් එම ප්‍රකාශය සිදු කළ ආකාරය තර්ජනාත්මක ස්වරූපයක් තිබු බැවින් තමන්ට හා තම ව්‍යාපාරවලට යම් අවදානමක් ඇති වේයැයි යන බියෙන් තම අතැති මිලියන 16ක මුදල එම සමාගම මිලට ගැනීම සඳහා දුන් බව බංගලිදේශ ජාතික අහමඩ් අල් සමාන් මහතා මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවට එම කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත වාර්තා කෙර්ණි.
නාමල් රාජපක්ෂ මහතා ඉතිරි මිලියන 36 ගෙවා මිලියන 52ක් තම ජංගම ගිණුමේ තැන්පත් කළ එදිනම මන්ත්‍රීවරයාගේ ගිණුමට මිලියන 50ක් තැන්පත් කිරීම සඳහා බැංකු අණකරයක් නිකුත් කිරීමට මන්ත්‍රිවරයාගේ උපදෙස් අනුව බැංකුව ක්‍රියා කළ බවද හෙතෙම වැඩිදුරටත් සිය ප්‍රකාශය මඟින් පවසා ඇත.
නාමල් රාජපක්ෂ මහතාට පුර්ණ කොටස් අයිතියෙන් යුක්ත එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම රුපියල් මිලියන 50කට බංගලදේශ ජාතිකයකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වු බව සඳහන් කරන මුල්‍ය අපරාධ කොට්ඨාසය 2018 මාර්තු 17 වන දින බංගලිදේශය වෙත ගොස් එහි තානාපති කාර්යාලයේ දී අහමඩ් අල් සමාන් නැමැති අයගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
වර්ෂ 2010 නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි අවස්ථාවේ දී ආයෝජනයක් සිදු කිරීමට සුදුසු බවට තීරණය කළ බවත්, ඩුබායි සිටිය දී හඳුනාගත් ව්‍යාපාරිකයකු මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතා හඳුනා ගත් බවට ඔහු ප්‍රකාශ කර ඇත.
රග්බි තරගාවලියක් සඳහා පුර්ණ අනුග්‍රහයක් දක්වන ලෙසට මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට අනුව රුපියල් ලක්ෂ පහක මුදලක් පමණක් ආධාර කළ බවත් වර්ෂ 2013 අප්‍රේල් මසක දිනයක දී දැනුම් දීමක් මත මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී ඔහු හමු වු බව පවසන අහමඩ් අල් සමාන් එන්.ආර්.කන්සල්ටන්සි සමාගම හරහා මිලියන 50ක් අවශ්‍ය බව පවසා මෙම සමාගම මිල දී ගැනීමට ක්‍රියා කරන ලෙසටත් සදහන් කළ බවට සිය ප්‍රකාශය මඟින් කියා සිටි.
එම අවස්ථාවේ දී කන්සල්ටන්සි උපදේශන සේවා සපයන සමාගමක් බැවින් තම ව්‍යාපාරික විෂය පථයට නොවැටෙන ව්‍යාපාරයක් බැවින් මෙවැනි ව්‍යාපාරයක අවශ්‍යතාවක් තමන්ට නොමැති බවට මන්ත්‍රීවරයාට තමන් දැනුම් දුන් බවද වැඩිදුරටත් ප්‍රකාශයේ සඳහන් වේ.
පසුව වර්ෂ 2013 ජුනි මස දිනක තමන් හිල්ටන් හෝටලයේ සිටිය දී නාමල් රාජපක්ෂ මහතාගේ සේවකයකු කළ දැනුම් දීමකට නැවතත් මන්ත්‍රීවරයා තමන් හමු වු බවත් මිලියන 50කට එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම මිල දී ගැනීමට කටයුතු කළ යුතු බවට මන්ත්‍රීවරයා සදහන් කළ බවත් අහමඩ් මහතා පවසා සිටි.
එම ප්‍රකාශය සිදු කළ ආකාරයෙන් තර්ජනාත්මක ස්වරුපයක් තිබු බවත් ඊට බියක් ඇති වු අතර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට එකඟනොවුණහොත් ඔහුට හා ලංකාවේ ඇති ඔහුගේ ව්‍යාපාරවලට යම් අවදානමක් ඇති වේ යැයි කියා බියක් ඇති වු බව පවසන අහමඩ් එම ප්‍රකාශයට විරුද්ධවීමේ හැකියාවක් නොමැති හෙයින් ඊට එකඟව එපමණ මුදලක් අත නොමැති බව සඳහන් කර මිලියන 16 ඇති බව සදහන් කළ බව ප්‍රකාශයේ සඳහන්ය.
එම මුදල රැගෙන 2013/6/13 වන දින කොල්ලුපිටිය ෆැන් ඒෂියා බැංකුව එන ලෙසට කළ දැනුම්දීමකට අනුව ඉතිරි මුදල් මන්ත්‍රීවරයා එවන බවට මට දැනුම් දුන්නා. එම උපදෙස් අනුව තමන් රියදුරු, ගණකාධිකාරිවරයා, අදාළ බැංකුවේ කලමණාකරු හමු වු බවත් නාදුනණ පුද්ගලයකු පැමිණ ඉතිරි මුදල කළමණාකරු වෙත ලබා දුන් බවත් තමන් සිය ජංගම ගිණුමේ 034375620121තැන්පත් කර එදිනම නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමක මිලියන 50ක් තැන්පත් කිරීමට බැංකු අණකරයක් නිකුත් කිරීමට බැංකුවට උපදෙස් දී තිබු බවත් අදාළ රිසිට් පත් අස්සන් කොට බැංකු කලමණාකරු වෙත ලබා දුන් බවත් පවසන අහමඩ් කලමණාකරුට පෙර දැනුමක් තිබු බවට සිය ප්‍රකාශයෙන් පවසා සිටි.
නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ පෙර ප්‍රකාශය මත මිලියන 50ක් යොදවා එන්.ආර්.කන්සල්ටන්සි සමාගම අල්සමාන් මිල දී ගත් බවත් අල් සමාන්ගේ ප්‍රකාශය අනුව මිලියන 36ක් නාමල් රාජපක්ෂ මහතා අල්සමාන්ට ලැබීමට සලස්වා එන්.ආර්. කන්සල්ටන්සි සමාගම විකුණු බවට පෙනෙන බවත් නීතිවිරෝධීව උපයා ගන්නා ලද මුදල් ගනුදෙනු මඟින් පෙන්වා දෙමින් විශුද්ධිකරණයට ලක් කර ඇති බවට කරුණු අනාවරණය වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම මිලියන 36ක මුදල කොල්ලුපිටිය ෆැන් ඒෂියා බැංකුව වෙත ගෙන ආ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා 2013/6/13 සී.සී.ටි.වී දර්ශන පරීක්ෂා කිරීම සදහා අධිකරණ අවසර ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.
සැකකටයුතු තවත් ගනුදෙනුවක් බව කියන අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ඩකෝටා ප්‍රාන්තයේ එච්.පී ලයිව් ආයතනයට හා පානීය ජල බෝතල් ව්‍යාපෘතියට අදාළසේවා සැපයීම සම්බන්ධයෙන් දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි පද්මින්ද බියගම නැමැත්තාගේ තොරතුරු අන්‍යෝන්‍ය නීති සහාය අනුව එම්.එල්.ඒ වෙත දැනුම් දුන්නද මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.
ඊයේ නඩුව යළි කැඳවු අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනි සිටි අතර නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුදර්ශන බණ්ඩාර, හෙට්ටිආරච්චි, යන අයගේ ඉල්ලීම මත ඔහුන්ගේ විදේශ ගමන් මේ මස 26 වන දින සිටි ඔක්තෝබර් 25 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියම කළේය. අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි කැඳවීම ඔක්තෝබර් 25වන දිනට කල් තැබිණි.
මිලියන 45ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ , නිත්‍යා සේනානි සමරනායක, සුදර්ශන බණ්ඩාර, ඉරේෂා ද සිල්වා, සුජානි බෝගෝලාගම යන සැකකරුවන් එරෙහිව මුල්‍ය අපරාධ කොට්ඨාසය 2015/07/21 වන දින මෙම නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
COMMENTS