මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බි...
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ.
ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS