රාජ්‍ය තිරසාර සංවර්ධන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල...
රාජ්‍ය තිරසාර සංවර්ධන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීම ඊයේ (24) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
කිලෝවොට් 250ක ධාරිතාවක බලශක්තියකින් යුත් මෙම බල ශක්ති ව්‍යාපෘතිය මේ වනවිට රාජ්‍ය ආයතනයක ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය ලෙස දැක්විය හැකියි.
මෙම සූර්ය බල ජාල පද්ධතිය සූර්ය පැනල හත්සිය පනහකින් සමන්විත වන අතර, මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.5ක් වේ. මෙම සූර්ය බල ජාල පද්ධතිය මගින් මෙගාවොට් පැය 30ක බල ශක්තියක් ජාතික විදුලි ජාලය වෙත මාසිකව නිකුත් කිරීමට අපේක්ෂිතයි.
රුපියල් මිලියන අට ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂික ව නිපදවන මෙම සූර්ය පැනල පද්ධතිය පිහිටුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 7කින් පමණ අඩුකරගත හැකි බවට අපේක්ෂා කෙරේ.
පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති භාවිතය තුළින් දේශීය ආර්ථිකයට සිදුවන මෙම විනිමය ඉතිරියට අමතර ව සුවිශේෂ පාරිසරික ප්‍රතිලාභයක් ද මෙමඟින් සැලසෙන බව පරිසරවේදීන් සඳහන් කෙරේ. වාර්ෂික ව මෙට්රික් ටොන් දෙසීයක පමණ අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එක්වීම මෙම සූර්ය බල ජාල පද්ධතිය පිහිටුවීම නිසා වැළකී යන බවත්, එය විශාල වෘක්ෂ පන්සියයක පරිසර කාර්යභාරයට සමාන කළ හැකි බවත් පරිසරවේදීන්ගේ අදහසයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ද සහාය ඇති ඉහළතම තාක්ෂණ ක්‍රමවේද යොදාගනිමින් මෙම ජාල පද්ධතිය ස්ථාපනය කර තිබේ.
COMMENTS