ම හ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව නම් කර ඇති චූදිතයන්ගේ ලැයිස්තුවේ පළමු චූදිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු බව කෝප් කමිටු සභා...
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව නම් කර ඇති චූදිතයන්ගේ ලැයිස්තුවේ පළමු චූදිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු බව කෝප් කමිටු සභාපති ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි. එමෙන්ම මෙම වංචාවට චූදිතයන් ලෙස දැනට නම් කර ඇති නිලධාරීන්ට අමතරව එය මෙහෙය වූ ඉන් වාසි ගත් දේශපාලනඥයන්ද කරුණු විමසීම සඳහා අධිකරණයට අනිවාර්යයෙන් කැඳවිය යුතු බවත් එසේ නොකරන්නේ නම්
මෙය එක් පාර්ශ්වයක් පමණක් ඉලක්ක කළ වූවක් බවට සැක මතු වන බවත් කෝප් කමිටු සභාපතිවරයා පැවැසීය.
විශේෂයෙන් බැඳුම්කර ගනුදෙනුවේ සමස්ත ක්‍රියාදාමය තුළ අගමැතිගේ භූමිකාව සම්බන්ධ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඔහු පැවැසුවේ මෙම ගනුදෙනුවට අදාළ වෝහාරික විගණනය සිදුකිරීම විදේශ සමාගමකට ලබාදීමට විගණන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඊට රුපියල් මිලියන 900ක් තරම් විශාල මුදලක් වැය වන බවය.
ඒ හරහා මෙකී ගනුදෙනුවේ තොරතුරු පිටට යෑමක් මෙන්ම භාෂා පරිවර්තනයත් සිදුකිරීමට සිදුවීම යන ගැටලු දෙකට මුහුණපෑමට සිදුවන බවද ඒ මහතා පැවැසීය.
මව්බිම

COMMENTS