අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ජය ගැනීමේ සටන අනිවාර...
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ජය ගැනීමේ සටන අනිවාර්යයෙන්ම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
අගමැතිවරයාට එරෙහිව ගෙන ආ මෙම විශ්වාසභංගයට හේතුවූ බව පවසන බැඳුම්කර සිද්ධිය පිළිබඳව ද මාධ්‍ය හමුවේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කරුණු පැහැදිලි කළහ.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයා පත් කිරීම නීත්‍යානූකූලව සිදු වූ බවත් පසුගිය කාලවකවානුව දෙස බැලූ විට සුදුසුකම් අතින් වැඩිම මහ බැංකු අධිපතිවරයා පත් කර තිබුණු බවත් පරීක්‍ෂණවලින් හෙළිවූ බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS