ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් රුපියල් ලක්ෂ එකකට අඩු ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි කාන්තාවන් සඳහා අගෝස්තු 1 එනම් අද දින සිට එම ණය දිස්ත්...
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් රුපියල් ලක්ෂ එකකට අඩු ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි කාන්තාවන් සඳහා අගෝස්තු 1 එනම් අද දින සිට එම ණය දිස්ත්‍රික්ක 13ක කපා හැරීමට රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
යළි පුබුදමු යළි පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව අත්තනකඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්ක 13 ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන විශාල වශයෙන් අසරණ වී සිටින බවත් ඒ පිළිබඳව අවධානය යොමුකළ රජය රුපියල් ලක්ෂයකට වඩා අඩු ණය මුදල ගෙවා ගැනීමට නොහැකිව සිටින සියලුම මුදල් කපා හැරීමට මේ වනවිට තීරණය කර තිබෙන බව ද හෙතෙම සඳහන් කෙළේය. එම කාන්තාවන්ට දියුණුවීම සඳහා නව ණයක් අවශ්‍ය නම් රජයේ බැංකුවකින් ණය ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය කාලයේ විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළ ද ඒවා විශාල කොමිස් මුදල් මත සිදුකරන සංවර්ධන ක්‍රියාවලි බවත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා මුදල් පසුගිය රජය විසින් වියදම් නොකළ බවද සඳහන් කළේය. ඒ නිසා මේ රජය ග්‍රාමීය මාර්ග පාසල් ආදි සියලු රටේ අස්සක් මුල්ලක් නෑර සංවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කොට ඇතැයි හෙතෙම සඳහන් කළේය.
අද මුළු ලෝකයම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙළ ගැසී සිටින බවත් මුළු ලෝකයම ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා පොරකකා සිටින බවද සඳහන් කළේය. එහි ගරුත්වය හිමිවිය යුත්තේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවද සඳහන් කළේය.
එතුමා ජනාධිපති වනවිට ලෝකයේ කිසිම රටක ශ්‍රී ලංකාවට පිළිගැනීමක් නොතිබුණු බවත් ශ්‍රී ලංකාවට පැමිණියේ රාජ්‍ය නායකයන් හැටියට සෝස් කෝට්ටේ ලන්තයේ වැදි නායකයන්යු ගන්ඩාවේ ඒකාධිපතීන් ලිබියාවේ ඒකාධිපතීන් බලන්න අපේ අය ඒ රටවල් වලට ගිය වකවානුවේ පැවැති බවද සඳහන් කළේය. කිසිදු දියුණු රටක මෙරටට උදව් කිරීමට හැකි රටක කිසිම කෙනෙක් නොපැමිණි බවද සඳහන් කළේය. 2015 වසරෙන් පස්සේ මෙරටට රාජ්‍ය නායකයන් ගලාගෙන ඒමට පටන් ගත් බව ද සඳහන් කළේය.
වර්තමානයේ වනවිට ජනාධිපතිවරයාට දුරකථනය අතට ගෙන එලිසබත් රජිනටත් චීන ජනාධිපති ටත් රුසියාවේ ජනාධිපති ටත් යුරෝපයටත් කතා කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇතැයි ද සඳහන් කළේය. ලෝකයත් සමග ඒකාබද්ධව යන ගමනේ එහි වාසිය ගම්මානවලට ලබාදීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බව ද මංගල සමරවීර මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS