ජනතා විමුක්ති පෙරමුණ හවුල් ආණ්ඩු පිහිටුවන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ ඊයේ (16) පැවති මාධ්‍ය හ...
ජනතා විමුක්ති පෙරමුණ හවුල් ආණ්ඩු පිහිටුවන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“එක්ලක්ෂ හැත්තෑ දහසක් පමණ ඡන්ද වල වැඩිවීමක් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. අපි සහතිකයක් දෙනවා. අපිට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම එම ඡන්දයේ ගෞරවය, වටිනාකම, විශ්වාසය අපි රකින බව. ඒ වගේම පළාත් පාලන ආයතන 167ක් කිසිවෙකුටවත් තනිව පිහිටුවන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා විවිධ තැන්වලින් ජනතා විමුක්ති පෙරමුණේ අපටත් ඕගොල්ලන්ගේ මන්ත්‍රීවරුන්ගේ සහය අප වෙත ලබා දෙන්න බැරිද? විවිධ වර්ගයේ යෝජනා ඇවිත් තිබෙනවා. කිසිවෙක් සමඟ එක්ව හවුල් ආණ්ඩු පිහිටුවන්න ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන්නේ නැහැ.”
COMMENTS