රට දේශපාලනම අස්ථාවරභාවයක පැවතීමෙන් ආර්ථිකයට යම් බලපෑමක් එල්ල විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඒ 201...
රට දේශපාලනම අස්ථාවරභාවයක පැවතීමෙන් ආර්ථිකයට යම් බලපෑමක් එල්ල විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
ඒ 2018 වර්ෂය සඳහා වන මුදල් ප්‍රතිපත්ති නිවේදනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි කළමනාකරණය කළේ මධ්‍යම රජයේ පොදු ණය පිළිබඳවයි. අපිට හොඳටම විශ්වාසයි ඒ සංඛ්‍යා නිවැරදියි කියන එක. සිදුවෙලා තියෙන පාඩු පිළිබඳව කොමිසම හඳුනා ගෙන තියනවා. අපි දැන් විගණකාධිපතිතුමා සමඟ එකට වැඩ කරමින් ඉන්නේ කොහොමද මේ පාඩු වූ මුදල් නැවත ලබා ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. දැනට අපි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවා තිබෙනවා බිලියන 13කට වැඩි මුදලක් රඳවා තබා ගැනීමට. දීර්ඝ කාලීනව දේශපාලන අස්ථාවරභාවයක් පවතිනවා නම් ඔබට බැහැ කඩිනම් ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් ඇති කරන්න. ඒ නිසා දේශපාලන ස්ථාවරභාවයකට එන්න පුළුවන් නම් හොඳයි.”
COMMENTS