යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මිය යාම සම්බන්ධයෙන් වූ සිදු වීම යාපනය සරසවියේ ආචාර්යවරුනුගේ සංගමය විසින් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවට යාපනය ව...
යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මිය යාම සම්බන්ධයෙන් වූ සිදු වීම යාපනය සරසවියේ ආචාර්යවරුනුගේ සංගමය විසින් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවට යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය සර්වනබවන් මහතා පවසයි.
ආචාර්යවරයා මේ බව කියා සිටියේ යාපනය සරසවියේ කලා අංශයේ තෙවන වසර ඉගනුම ලැබූ නඩරාජා ගජන් හා විජයකුමාර් සුලක්ෂණ් යන අයගේ මිය යාම සම්බන්ධයෙන් සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහදී සභාපති සර්වන බවන් වැඩි දුරටත් කියා සිටියේ.
‘‘මෙවැනි වෙඩි තැබීමක් පළමු වතාවට සිදුව ඇත්තේ 2009 වසරේ යුද්දයෙන් පසුවයි අපි කම්පා වුනා මේ සිදුවීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා ඒ වගේම එම සිදුවීමෙන් සරසවි ප්‍රජාව මහත් කම්පනයකට පත් වුනා
‘‘ ඒ වගේ අපි ආරක්ෂක ලේකම් වරයා විසින් සරසවි සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කොට ඇති ප්‍රකාශයට අපි එකග නැහැ. මේක සුළු දෙයක් නෙමෙයි අපි මෙය හෙලා දකිමින් ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයෙටත් ලිපියක් යොමු කරන්න තීරණය කලා. ඒ වගේම අපි ශ්‍රීලංකාවේ අධිකරණ පද්දතියෙන් අපක්ෂපාතී තීරණයක් බලාපොරොත්තු වෙනවා“ යනුවෙනි.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කිසියම් කලහාකාරී සිදුවීම්ක් ඇතිවීමෙ කටයුතු නැවත්වීමට දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය අද (23) හා හෙට (24) යොදවා ඇත.
COMMENTS