දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?
Homeප්‍රවෘත්ති

සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?

PropellerAds

අවුරුදු හැට දෙකක ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික ආයතනයට අයත් සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළි...

"පුදබිමේ ඉතිරිව තිබෙන කොටස පමණක් නොව ඊට අයිති මුළු කොටසම අරගෙනයි මම පස්ස බලන්නේ" - විදුර වික්‍රමනායක
ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු
දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි - ඇමැති ජොන්ස්ටන්
සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?

අවුරුදු හැට දෙකක ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික ආයතනයට අයත් සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ පිටුපස 'අතයට මුදල් ගනුදෙනුවක්' ඇත්දැයි සැකයක් පවතින බව එම ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග   මහතා පවසයි.

සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යම් කිසි පුද්ගලයකු ප්‍රබලව පෙනී සිටින බවත් 'සසකාවා' සංවිධානය සමග ඇතිකරගත් මුදල් ගනුදෙනුවක් ඊට හේතු වී ඇතැයි සැක කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අදාළ ගොඩනැගිල්ල සහ ඉඩම විකුණා දැමීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වී තිබුණත් එය එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බව සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අවධාරණය කරයි.

එවකට තමා කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී අදාළ යෝජනාවට විරෝධය පළ කළ නමුත් කැබිනට් සාකච්ඡාවට නොපැමිණි දිනක අදාළ යෝජනාව සම්මත කර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

"අද මේ ක්‍රියාමාර්ගය පිටුපස වෙනත් පුද්ගලයෙක් ඉන්නවා. මට හිතෙනවා ඔහු සූක්ෂ්ම ලෙස වර්තමාන ජනාධිපතිතුමාගේ හිතට ඇතුල් කොට තිබෙනවා මෙය ජපාන ආණ්ඩුවේ ඉල්ලීමකට අනුව සිදු වන්නක් බවට," හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් සසකාවා යනු ජපානයේ ආණ්ඩුවට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් බව හිටපු ඇමතිවරයා පේනවා දෙයි.

"සහන මිල ගණන් යටතේ පුහුණු වීමට සහ ඒකරාශී වීමට කලාකරුවන්ට තිබෙන එකම භූමිය මේ සිංහල සංස්කෘතික ආයතනයයි. එය ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයකට විකුණා දමන්න එපා කියන ඉල්ලීම අපි කරනවා."

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම භූමිය දේශීය කලාකරුවන්ගේ මතු ප්‍රයෝජනයට ඉතිරි කොට සසකාවා සංවිධානයට වෙනත් භූමියක් ලබා දීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවත් සිංහල සංස්කෘතික ආයතනය අහිමි වීම එහි සාමාජිකත්වය දරන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු සංස්කෘති නියෝජනය කරන කලාකරුවන්ට එකසේ බලපාන බැවින් එය රැක ගැනීමට සියලු දෙනා එක් වී කටයුතු කරනු ඇති බවත්ය.

(බීබීසි සංදේශය)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?
සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?
http://ift.tt/2dy3Ekj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_209.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_209.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy