වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත මේ මස 26 වැනිදා ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී නිර්මාණශීලී නැවුම් විරෝධතාවක් පැවැත්වීමට ඒක...
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත මේ මස 26 වැනිදා ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී නිර්මාණශීලී නැවුම් විරෝධතාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙම විරෝධතාව සංවිධාන කිරීමේ වගකීම පවරා තිබෙන්නේ ගාමිණී ලොකුගේ, රංජිත් සොයිසා සහ පවිත්‍රා වන්නිආරච්චි යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටය.
මීට අමතරව 22 වැනිදා මහනුවරදීත් 24 වැනිදා කොළඹදීත් වැට් බදු විරෝධී පත්‍රිකා ජනතාව වෙත බෙදාහැරීමේ වැඩසටහනක්ද ඒකාබද්ධ විපක්ෂය මඟින් සංවිධාන කර ඇති බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 26 වැනිදා ඊට එරෙහිව මෝදර කාලි මෑණියන්ගේ කෝවිලේදී පොල් ගැසීමේ වැඩසටහනක්ද ඒකාබද්ධ විපක්ෂය මඟින් සංවිධානය කොට ඇත. වැට් බදු සංශෝධන පනත මේ මස 26 වැනිදා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ සිවු වැනි වතාවට බවත් මීට පෙර අවස්ථා තුනේදීම ඒකාබද්ධ විපක්ෂයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් එම අවස්ථාව ආණ්ඩුවට අහිමි වූ බව උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.
COMMENTS