දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාගල සාර්ථක වී, එරන්ද අසාර්ථක වූ යොවුන්පුර ඉලක්කය [Gossip]
Homeගොසිප්

සාගල සාර්ථක වී, එරන්ද අසාර්ථක වූ යොවුන්පුර ඉලක්කය [Gossip]

PropellerAds

නව වැනි යොවුන්පුරය ඊයේ (29දා) සවස නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේදී ආරම්භ විය. එදින සවස් යාමයේ යොවුන් ඇමති සාගලද යෞවන යෞවනියන් අතරට එක්...

ඡන්දය කල් නොයයි : ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයක් ගහලා?
ගෝඨා අත්අඩංගුවට ගැනීමට නීතිපතිගේ අනුමැතිය.
අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට?

නව වැනි යොවුන්පුරය ඊයේ (29දා) සවස නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේදී ආරම්භ විය. එදින සවස් යාමයේ යොවුන් ඇමති සාගලද යෞවන යෞවනියන් අතරට එක් වූයේ සුපුරුදු පරිදි ජැන්ඩියට හැඳ සිනහවෙන් මුව පුරවාගෙනය.

‘පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගත්තොත් ඒකෙදි තරුණ අය අපට අනාගතය දැනට වඩා වේගවත්ව තහවුරු කරලා දෙන්න කියලා රජයට අනතුරු ඇඟෙව්වා. එනිසා රජය තරුණයො ගැන දැනට වඩා  අවධානය යොමු කරන්න අවශ්‍ය යුගය උදාවෙලා තියෙන්නෙ. තරුණ තරුණියන්ට රටේ අනාගතය ගොඩනැගීම ගැන, රජය දැනටත් වඩා අවධානය යොමු කරන්න අවශ්‍ය කාලය එළඹිලා තියෙනවා. රටේ ආර්ථික දියුණුව කියන්නෙ රට දියුණු කරන්න දමන අඩිතාලම. ඒ දියුණුවත් එකක් වෙන වෙනස්වීම්වලට, අභියෝගවලට අවස්ථාවන් ජයගන්න අවශ්‍ය තරුණ ආකල්ප හා අවස්ථාවන් ගොඩනැගීම අපි ආරම්භ කරන්න ඕන’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් සාගල කීවේය.

අනතුරුව යොවුන්පුරය ප්‍රදර්ශනය විවෘත කළ සාගල යෞවන යෞවනියන්ගේ ජංගම දුරකථනයන්හි විටින් විට රැඳුණේ නොයෙකුත් හැඩතලවලටය. තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ, මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ද සමග අතරමගදී යොවුන් සේනාංක ප්‍රදර්ශන කුටියේ වායු රයිෆල් කුටියට පිවිස සාගල ඉලක්කය ගත්තේය. සිය පළමු ඉලක්කයම තිතට, නිවැරදිව ගත් සාගලගේ දෙවැනි ඉලක්කයද එසේම විය.

‘සර් සුපර්බ්. වන් ෂොට් වන්’ දෙපසින් ඇසිණී.

ඊට මද වේලාවකට පසු යුද හමුදා ප්‍රදර්ශන කුටියේදීද සාගල ගත් ඉලක්කය පෙර ලෙසම සාර්ථක විය. අනතුරුව එරංග ඉලක්කය ගත්තේය. කිහිප වරක්ම අසාර්ථක වූ එරංග අවසනයේ දී සාර්ථක විය. තුෂාර ඉඳුනිල්ද එසේම විය. ‘ඔයාත් එන්න, තියන්න’ සාගල අනතුරුව ආරාධනය කළේ ළඟ සිටි බ්‍රිගේඩියර්වරයෙකුටය. ‘සර්, මම වෙපන් එක අවුට් කරලා ආවේ’ බ්‍රිගේඩියර්ගේ පිළිතුර විය. 

වසර ගණනක් පසුපසට යමින් යෞවනයන් අතර යෞවනයෙකු වෙමින් සාගල එදින ගත කරනු කාහටත් පෙනිණි.



(අද පුවත්පත ඇසුරිණි)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාගල සාර්ථක වී, එරන්ද අසාර්ථක වූ යොවුන්පුර ඉලක්කය [Gossip]
සාගල සාර්ථක වී, එරන්ද අසාර්ථක වූ යොවුන්පුර ඉලක්කය [Gossip]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPoIOjo3QmFxS5b1IGMTBzO2ef4sWa-dyn0C6QiS3TMjqapHoaiTIpz1M677rChPHRcysduk4bWTSSx3kjqrrF75DbF8RSbJn6SZyhkeO6mals32hmbYX5mzM_z7Sw6hHaH1coxPLsxG0/s1600/sagala+eranga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPoIOjo3QmFxS5b1IGMTBzO2ef4sWa-dyn0C6QiS3TMjqapHoaiTIpz1M677rChPHRcysduk4bWTSSx3kjqrrF75DbF8RSbJn6SZyhkeO6mals32hmbYX5mzM_z7Sw6hHaH1coxPLsxG0/s72-c/sagala+eranga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/gossip.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/gossip.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy