හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බවට තොරතු...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රහස් පොලීසිය විසින් හෝ නීතිපතිවරයා විසින් අධිකරණයට කරුනු ගොනු කිරීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවට වාර්තා වේ.
ඉදිරි දෙසැම්බර මස අවසන් වන්නට පෙර මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සදහන්ය.
එජාපය හා ශ‍්‍රීලනිපය අතර වන හවුල් ආණ්ඩු ගිවිසුම දෙසැම්බර මාසයේදී කාලය අවසන් වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුවහොත් එය ආණ්ඩුවේ ඉදිරි ගමනට තීරණාත්මකව බලපානු ඇත.
(Lanka C ඇසුරිණි)
COMMENTS