මෙරට වරාය හා අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීමට පියවර ගත්තේ ඉන්දියාව මුල් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වූ නිසා බව හිටප...
මෙරට වරාය හා අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීමට පියවර ගත්තේ ඉන්දියාව මුල් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වූ නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ලබා දුන් පිළිතුරු ද හින්දු පුවත්පත වාර්තා කර තිබු අතර ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් චීනයට ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.
එහි දැක්වෙන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වරාය හා අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාව මුලින්ම ලබා දුන්නේ ඉන්දියාවට බවයි.
නමුත් ඉන්දියාව එම අවස්ථාවේ හම්බන්තොට වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් යම් තරමක උනන්දුවක් දැක්වුව ද පැවති යුධ තත්ත්වය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුවට එම ව්‍යාපෘතිය අවශ්‍ය නොවූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
කෙසේවෙතත් තමන් චීනය වෙත ගොස් මෙම ව්‍යාපෘති ඔවුන් වෙත යෝජනා කළ අවස්ථාවේ චීනය වහාම එම යෝජනා අනුමත කළ බව හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
එය හුදෙක් වාණිජ ගනුදෙනුවක් පමණක් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට වරායේ වැදගත්කම ආණ්ඩුව හොඳින් අවබෝධ කරගෙන සිටි බව ද පෙන්වා දී තිබේ.
චීනය එම ව්‍යාපෘති ලබාගනිමින් සහාය දැක්වූ අවස්ථාවේ රටේ නායකයා වශයෙන් තමාගේ ප්‍රධානතම කාර්යය වන්නේ කුමක්ද? රට වෙනුවෙන් කටයුතු කිරීම නොවේ ද යන්න හිටපු ජනාධිපතිවරයා පවසයි.
නමුත් අවාසනාවකට වත්මන් ආණ්ඩුව සියල්ල විකුණා දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද සිය ආණ්ඩුව පෞද්ගලීකරණය විශ්වාස නොකරන බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යහපත් සබඳතා පැවති නමුත් ඉන්දියාව පසුගිය සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයකින් පසු වූ බවයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය තානාපතිවරියක වන අනූපමා රාඕ විසින් වරක් තමන්ට පැවසූ ප්‍රකාශයක් උපුටා දක්වන හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව තරුණියක වැනි බවත් ඇය නිතරම වැරදි අවබෝධයකින් පසුවන බවත් හිටපු ඉන්දීය තානාපතිවරියම පවසා ඇතැයි සඳහන් කර තිබේ.
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හිතකර නමුත් ඇතැම් තත්ත්වයන් සාකච්ඡාවට ලක් විය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ද මෙහිදී හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කර ඇති අතර අවුරුදු 3 ක කාලයක් තුළ ආණ්ඩුව තුළ පැවති අවුල් සහගත ස්වභාවය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව තුළ පැවති අතෘප්තිමත් බව එම ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
COMMENTS