හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වේ තිබේ. දුම්රිය...
හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වේ තිබේ.
දුම්රිය නොමැති වීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය අවහිර කරගෙන විරෝධතාවක් ද ඇරැඹූහ.
කොටුව දුම්රිය නැවතුම්පොළේ සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු මගීන්ගේ පහර කෑමට ලක්වූ බව පොලිසිය කියයි. මේ වන විට කොටුව දුම්රිය ස්ථානය අසලට ජල විදින රථ සහ පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු ද පැමිණ සිටියහ.
කිසිම දුම්රියක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව විය. දුම්රිය මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් මගීහු පිටතට නොපැමිණියහ. දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය මගීන්ගෙන් පිරී ගොස් ඇති අතර වාහන ගමනාගමනාගමනය ද අඩාල වී තිබේ.
නොසන්සුසන් වූ මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ දේපොළවලට ද අලාභ හානි කර තිබේ.
COMMENTS