දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්

PropellerAds

වත්මන් ආණ්ඩුවේ වැට් බදු ප්‍රතිපත්තිය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී...

"උතුරේ බෞද්ධ නෂ්ටාවශේෂ දහස් ගණනක්..කුරුන්දමලේ නෂ්ටාවශේෂ වලට හානි කරලා” - එල්ලාවල මේධානන්ද හිමිගෙන් හෙළිදරව්වක්
නිශාන්තද සිල්වා රටින් පැනගිය රහස මිචෙල් බැච්ලේගේ කටීන් පනී
රවිට-ඇලෝසියස්ට අධි චෝදනා ගොනු වෙයි
ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්

වත්මන් ආණ්ඩුවේ වැට් බදු ප්‍රතිපත්තිය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැට් බදු වැඩිකිරීමෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ‍විසින් මේ බව සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්. 

වර්තමානයේ අය කරන වැට් බදු ප්‍රීතිශතය 36% න් ඉහළ දැමීමට පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. ඒ අනුව භාණ්ඩ හා සේවා මත වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ ගොස් ජනතාව පීඩනයට පත්වෙනු ඇත. කිසිදාක වැට් බද්දට යටත් නොවුණු පුද්ගලික වෛද්‍ය  සේවාවන් වලටද මේ වැඩි වූ වැට් බද්ද බලපානු ලැබේ. මේ නිසා පුද්ගලික වෛද්‍ය වියදම් එකවරම 15%කින් වැඩිවෙනු ඇත. උදාහණයක් වශයෙන් හදවත් රෝගීන්ගේ බයිපාස් සැත්කමක් අද රුපියල් 700,000 වෙන අතර අනාගතයේදී එය රුපියල් 800,000 ටත් වඩා වැඩිවෙනු ඇත. අද බොහෝ සාමාන්‍ය ජනතාවද පුද්ගලික වෛද්‍ය සේවාවන් ලබා ගනී. මේ බද්දෙන් කරන්නේ මිනිස්සුන්ගේ ලෙඩ රෝග, දුක් කම්කටොළු තුළින් ආදායම් ඉපයීමට උත්සාහ දැරීමයි. රෝගයේ බරපතළකම වැඩිවෙන තරමට ආණ්ඩුවට අසරණ රෝගීන්ගෙන් වැඩි වැඩියෙන් මුදල් ලබාගැනීමට හැකිවෙනු ඇත. 

වැඩිකරන ලද වැට් බද්ද කුඩා හා මධ්‍ය පරිමාණ තොග හා සිල්ලර වෙළඳාම මතද අයකිරීමට නියමිතය. මගේ ආණ්ඩුව කාලයේ වැට් බද්ද ක්‍රියාත්මක වුණේ දිනකට ලක්ෂ 28ක පමණ මහා පරිමාණයෙන් වෙළදාම් කරන සුපිරි වෙළදසැල් වලට පමණි. නමුත් එම සීමාව දිනකට රුපියල් 138,000 දක්වාපහත හෙළූ විට, තොග කඩ සියල්ලමත්, සිල්ලර කඩ සෑහෙන්න ප්‍රමාණයකුත්  වැට් බද්දට යටත් වේ.මෙයින් මුළු රට පුරාම භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යන අතර, වැඩි කල් නොගොස්, එහි අතුරුඵලයක් හැටියට පාරිභෝගික ඉල්ලුමත් අඩුවෙනු ඇත. මීට කලින් පැවති කිසිම ආණ්ඩුවක්  සාමාන්‍ය  මට්ටමේ තොග හා සිල්ලර වෙළදාම මත වැට් බද්ද පැනවූයේ නැත්තෙ එයින් ආර්ථිකය තුළ ඇතිවෙන අනිටු විපාක නිසාමය.  

ලෝකයේ හැම තැනම භාණ්ඩ මිල අඩු වෙමින් පැවතුනත්, මේ වැට් බද්ද නිසා ලංකාවේ පමණක් භාණ්ඩ මිල වැඩි වෙනු ඇත. මේ ආකාරයට බදු වැඩිකිරීමට ආණ්ඩුවට සිදුවී ඇත්තේ, පසුගිය ඡන්ද දිනාගැනීමට ජනතාවට දුන් නොයෙක් රැවටිලිකාර සහන වලට මුදල් සොයා ගැනීමටය. මෙය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරකි. වැට් බදු ප්‍රතිශතය වැඩිකිරීමටත්, රෝගීන් හා වියපත් අයගෙන් වැට් බදු අය කිරීමටත්, බඩු මිල ඉහළ යන බව දැන දැනත් සාමාන්‍ය තොග හා සිල්ලර වෙළදාම මත වැට් බදු අය කිරීමටත් අපට කිසිසේත්ම එකඟ විය නොහැක. මේ පීඩාකාරී බදු වැඩිකිරීමේ යෝජනා නැවතත් සලකා බැලීමට ආණ්ඩුවට තවමත් කල් ඇත.“ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්
ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්
http://ift.tt/2cCd2Ef
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_233.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_233.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy