භික්ෂුන් වහන්සේලා උදෙසා දානය පිළියෙළ කිරීමේදී අන්‍යජාතික කෝකියන් හවුල්කර නොගන්නැයි සඳහන් කරමින් මහමෙව්නාව භාවනා අසපුවෙන් දැන්වීමක් ප්‍රදර්...
භික්ෂුන් වහන්සේලා උදෙසා දානය පිළියෙළ කිරීමේදී අන්‍යජාතික කෝකියන් හවුල්කර නොගන්නැයි සඳහන් කරමින් මහමෙව්නාව භාවනා අසපුවෙන් දැන්වීමක් ප්‍රදර්ශනය කොට ඇත. එම අසපුවේ නිල ෆේස්බුක් පිටුවේද මේ බව තහවුරු කර තිබේ.
මීට පෙර දානමය කටයුත්තකදී අන්‍යජාතිකයන් ආහාර පිසීමේදී සැක කටයුතු රසායනික ද්‍රව්‍ය මුසු කිරීමක් සම්බන්ධයෙන් එම දැන්වීම් පත්‍රිකාවේ සඳහන් වන අතර මින් ඉදිරියට මහමෙව්නාව භාවනා අසපුවේ දානමය පිංකම්වලදී ආහාර පිසීම සඳහා බෞද්ධයන් පමණක් හවුල් කර ගන්නා ලෙස එමඟින් දායකදායිකාවන් හට උපදෙස් ලබා දී ඇත.
මෙම දැන්වීම් පත්‍රිකාවේ ජායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සීග්‍රයෙන් කතා බහට ලක් වෙමින් ඇත.
COMMENTS