පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා දික්කුඹුර ප්‍රදේශවාසීන් පිරිසක් පිරිසක් අද (05) උදෑසන දික්කුඹුර මංසන්ධිය අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ....
පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා දික්කුඹුර ප්‍රදේශවාසීන් පිරිසක් පිරිසක් අද (05) උදෑසන දික්කුඹුර මංසන්ධිය අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
එම උද්ඝෝෂණය හේතුවෙන් දික්කුඹුර නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.
දික්කුඹුර, ගලදෙනිකන්ද, ඉදුරන්නවිල, කොටිගල, පනුගල්ගොඩ, අන්දුගොඩ, පැලවත්ත ආදී ගම්මාන ගණනාවකට පානීය ජලය තවමත් සපයාදී නොමැති බවට චෝදනා කරමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත.
උද්ඝෝෂකයින් මාර්ගයේ වාඩිවී විරෝධතාවයේ නියැලී ඇති අතර මේ හේතුවෙන් ගාල්ල - දික්කුඹුර මාර්ගය, දික්කුඹුර - වැලිගම මාර්ගය සහ අහංගම - ඉමදුව මාර්ගයේ රථවාහන ගමනාගමනය මුලුමනින්ම පාහේ ඇණහිට තිබුණි.
දහවල් 12.00 ට පමණ උද්ඝෝෂණය නිමාවට පත්ව තිබේ.
ඡායාරූප පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS