දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය.
Homeප්‍රවෘත්ති

ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය.

PropellerAds

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේය. එක්‌ හ...

සඳුදා ඉඳන් ආණ්ඩුව හදන්නේ කොරෝනා වැඩිකරන්න! මරණ ගාණත් වැඩි කරන්න! (VIDEO)
ගුවන් හමුදා මූලස්ථානයට-චාමස් ධාන්‍යාගාර ඉඩමට ඕමාන් ආයෝජන එයි! කටාරය බේරෙ වටේ ඉඩම් රැසක් ගන්න කැමැත්තෙන්!
අද සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන තැන් මෙන්න!

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේය.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා, පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

''පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා.

ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට.

ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා.

ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද?

උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.''

පෞද්ගලික කෝන්තර මත චෝදනා කර ගැනීම රටටත් හමුදාවටත් හානියක්‌

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු හමුදා ප්‍රධානී ජගත් ජයසූරිය මහතාට එල්ල කර ඇති චෝදනා පිළිබඳ කළ විමසුමකදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුයේ, පෞද්ගලික කෝන්තර මත එකිනෙකාට චෝදනා කර ගැනීම රටටත් හමුදාවටත් හානියක්‌ බවයි.

මෙවැනි චෝදනා එල්ල කිරීම කිසිසේත් අනුමත නොකරන බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.

යුද අපරාධ සිදුවූවාදැයි තම පක්‍ෂය කිසි විටකත් ප්‍රකාශ නොකරන බවත් හිටපු හමුදා ප්‍රධානීන්හට එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය.
ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය.
http://ift.tt/2vE4rJs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_327.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_327.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy