නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විදේශීය සිනමා පට ගෙන්වන්නන් හට එම සිනමාපට ඉල්ලුම්කරන සියලුම සිනමා ශාලා සඳහා ලබාදිය ...
නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විදේශීය සිනමා පට ගෙන්වන්නන් හට එම සිනමාපට ඉල්ලුම්කරන සියලුම සිනමා ශාලා සඳහා ලබාදිය යුතු බවට නිර්දේශකර තිබේ.
මේ නිර්දේශය කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා සිනමා ශාලා හිමියන්, විදේශීය සිනමා පට ගෙන්වන්නන්, චිත්‍රපට සංස්ථා සභාපති හා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදීය.
පසුගිය කාලයේදී විදේශීය සිනමා පට ගෙන්වන්නන් විසින් සිනමා ශාලා හිමියන්ට කොන්දේසි දමා ගිවිසුමක් අත්සන් කරන ලෙස බලපෑම් කිරීම අමාත්‍යවරයාගේ මෙම තීරණයට මූලික හේතුවක් වී තිබේ.
ඔවුන් දමා තිබූ කොන්දේසි අතර ප්‍රදර්ශන වේලාවන් වෙනස් නොකළ යුතු බවත්, මුදල් වේලාවට පියවියයුතු බවත්, සිනමාපටය සම්බන්ධ ප්‍රචාරණ කටයුතුවලට වෙනම ගෙවිය යුතු බවටත් කොන්දේසි වූ බව පැවසේ.
COMMENTS