විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් මේ මස 31 වැනිදා වන විට සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට එම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහ...
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් මේ මස 31 වැනිදා වන විට සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට එම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
මේ තීරණය ගැනීමට බල පෑ හේතු සම්බන්ධයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සාක්කි සහ සාධක සහිතව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වා ඇත.
2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූ 2014 ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඇපකැප වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු ඌව පළාතටත් විවිධ හේතුන් මත සිය විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් සාධාරණයක් කිරීමට නොහැකි වී තිබෙන බව හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය වී තිබේ.
මේ කරුණු කාරණා හේතුවෙන් කලක් මුළුල්ලේ දේශපාලන වශයෙන් කලකිරී සිටී හරීන් ප්‍රනාන්දු මහතා, නමට පමණක් තිබෙන සිය අමාත්‍ය ධුරයෙන් අවම වශයෙන් රැකියාවක්වත් ලබාදීමට නොහැකි වී තිබෙන තත්ත්වය හමුවේ තමාට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් “ටොකු”කන්න සිදුව අති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේ ද විශේෂ ප්‍රකාශයක් කර තිබිණ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතාට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමතිකම ද ඩිලාන් පෙරාර මහතාට මහා මාර්ග රාජ්‍ය ඇමතිකම ද ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට විද්‍යා සහ තාක්ෂණ රාජ්‍ය ඇමතිකම ද හිමිව තිබිය දී එම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මහතාට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමතිකම ද රවී සමරවීර මහතාට කම්කරු රාජ්‍ය ඇමතිකම ද ලැබී තිබේ.
ඊට අමතරව ඌව පළාත් සභාවේ මහා ඇමති ධුරය ද,මහා මාර්ග,සෞඛ්‍ය සහ ක්‍රීඩා යන ඇමතිකම් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තිබියදී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන්නේ කෘෂි කර්ම ඇමති ධුරය පමණකි.
මේ තත්ත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පාක්ෂිකයින්ට විශාල අසාධාරණයක් සිදුව තිබෙන බව එම පාක්ෂිකයෝ පෙන්වා දෙති.
මේ කරුණු කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමර්ශනය කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය තීන්දුවක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
(lankanewsweek)
COMMENTS