මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ අපේක්ෂකයින් 7කු විසින්...
මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ අපේක්ෂකයින් 7කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයින්, මහරගම තේරීම්බාර නිලධාරිනිය හා ජනතා විමුක්ති පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුද නම් කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, තමා විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ එක් අපේක්ෂිකාවගේ නමට ඉදිරියෙන් පිරිමි යනුවෙන් සදහන් වීම නිසා එය ප්‍රතික්ෂේප කළ ද ඒ පිළිබඳ අධ්‍යනය කර බලා තීරණයක් ගැනීමට තේරීම්බාර නිලධාරිනියට අවස්ථාව තිබු බවයි.
මේ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් තම නාමයෝජනා පත්‍රය නැවත බාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙත්සම් විභාගය අවසන් වෙන තුරු මහරගම නගර සභාව සඳහා මැතිවරණයක් පැවැත් වීම නවත්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
COMMENTS