රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවිම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළ බවද වාර්තා වේ.
මිග් යානා ගනුදෙනුවට අදාලව චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග මහතා පසුගිය පෙබරවාරි මස 04 වනදා ඩුබායි ගුවන්තොටුපලේදී ගුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දී තිබේ.
එහිදී එම නිලධාරින් විසින් උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය සහ දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබා ගැනිමෙන් අනතුරුව ඔහු මුදා හැර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර ඇත.
පසුව එම නිලධාරින් සිදු කළ විමර්ශනයේ දී අදාළ ලිපිනයේ උදයංග වීරතුංග මහතා පදිංචිව නොමැති බවට සහ ලබා දුන් දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව එම නිලධාරින් විසින් උදයංග වීරතුංග මහතා පලාගොස් සැගව සිටින සැකකරුවෙකු ලෙසට නම් කර මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් අධිකරණයට දැනුම්දී ඇත.
COMMENTS