ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළව මේ වන විට සියලු ගිණුම් අත්හිටුවා තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් කිහිපයක් යළි සක්‍රිය කිරී...
ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළව මේ වන විට සියලු ගිණුම් අත්හිටුවා තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් කිහිපයක් යළි සක්‍රිය කිරීමට අවසර ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඇතැම් ගිණුම්වලට නීති විරෝධී මුදල් මාරු වී නොමැති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන බැවින් එම ගිණුම් අත්හිටුවීමේ නියෝගයන් ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කොළඹ මහාධිකරණය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවනු ලැබුවේ නීතිපතිවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව අදාළ සමාගමේ ඇතැම් ගිණුම් අත්හිටුවීමේ නියෝගයන් පිළිබඳ මහාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් එම අත්හිටුවීමේ නියෝගයක් ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.
COMMENTS