ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම 2012 වර්ෂයේදී චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ බව ප්‍රකාශ වුණත් එවැනි චන්ද්‍රිකාවක් ගුවන...
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම 2012 වර්ෂයේදී චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ බව ප්‍රකාශ වුණත් එවැනි චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ බවට කිසිදු තොරතුරක් නැතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් රුපියල් කෝටි 1800ක ආයෝජන ගිවිසුමක් අත්සන් කළද එම මුදලින් ශතයක්වත් ආයෝජනය කර නැතැයිද ඔහු කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
මන්ත්‍රීවරයා විමසා සිටියේ ගුවනේ සහ මුහුදේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු නිරතවන සමාගමකට චන්ද්‍රිකා ගුවන් ගත කිරීමේ කවර පළපුරුද්දක් ඇතිද යන්නයි. මෙම සමාගම චන්ද්‍රිකාව යැව්වාද එය කොහේ තියෙනවද කියා නොදන්නා බව පැවැසූ ඇමැතිවරයා ඒ ගැන විස්තර ගිය රජයේ නියෝජිතයන්ගෙන් ඇසිය යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.
COMMENTS