ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීම සඳහා සූදානමින් සිටින ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් අද (06දා) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට...
ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීම සඳහා සූදානමින් සිටින ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් අද (06දා) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.SLFP-Logo copy
ඒකාබද්ධ විපක්‍ෂය විසින් නුගේගොඩදී හෙට(07දා)පැවැත්වීමට නියමිත මහජන රැලියේ වේදිකාවට ගොඩවනවාද, එසේත් නැතහොත් පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නේදැයි එහිදී තීරණය කරනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සමග සාකච්ඡා කර ඇතිශ්‍රී.ල.නි.ප. ඇමති කණ්ඩායමට හත්දෙනෙකු අයත් බවද වාර්තා වෙයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු,කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු මෙහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බවත්,අනෙකුත් ඇමතිවරුන් කුමන තීරණයක් ගත්තද තමන් අනිවාර්යයෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බවත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ඇමතිවරුන් විපක්‍ෂයට එකතුවීම සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදයක් නොමැති බවද වාර්තා වෙයි.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සූදානමින් සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද පදනමට එය බලපෑමක් විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ආසනවලට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද මෙම ස්ථාවරයේ සිටින බවද දැනගන්නට ලැබේ.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමින් සිටන ඇමතිවරුන් පිළිබඳ බුද්ධි අංශය විසින්ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදී තිබෙන බවද දැනගන්නට ලැබේ.
COMMENTS