දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ක්ෂණික විහිඳුම් බලකායක් ඇති කරන්න' - ඇමති චම්පික.
Homeගොසිප්

'ක්ෂණික විහිඳුම් බලකායක් ඇති කරන්න' - ඇමති චම්පික.

PropellerAds

පසුගිය දා අම්පාරේ ඇති වූ සිදුවීමත්, මීට පෙර දින කිහිපයකදී මහනුවර ආශ්‍රිත දිගන ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ ගැටුම් හේතුවෙන් මිය ගිය අයගේ ප...

ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි.
රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුමක්?
MSME හා එක්ව සතොස ශාඛා 8000ක සැලසුමක්

පසුගිය දා අම්පාරේ ඇති වූ සිදුවීමත්, මීට පෙර දින කිහිපයකදී මහනුවර ආශ්‍රිත දිගන ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ ගැටුම් හේතුවෙන් මිය ගිය අයගේ පවුල්වලට අපගේ ශෝකය පළ කරන බවත්, ගැටුම් හේතුවෙන් දේපල හානියට පත් වූ අයටත්, ශෝකය ප්‍රකාශ කරන බවත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (07) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ ය.

මෙම ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශවල කඩා වැටුණු ජන ජීවිත නැවත නගා සිටුවීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

රට පුරා සෑම ප්‍රදේශයකම, සෑම දිනකම පෞද්ගලික ප්‍රශ්න, ගැටළු, අර්බුධ හේතුවෙන් විවිධ ගැටුම් හට ගන්නා බවත්, එළෙස ඇති වන ගැටුම් ජනවාර්ගික හෝ ආගමික ගැටුම් දක්වා වර්ධනය වීම නැවැත්වීමට ක්‍ෂණික තීන්දු තීරණ ගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම ඇතිවීමට පසුබිම දින කිහිපයක් තිස්සේ සමාජයේ නිර්මාණය වූ අතර සමාජ ජලා ඔස්සේ ද ඇතැම් අන්තගාමී තොරතුරු සහ ප්‍රකාශන ව්‍යාප්ත තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එම තත්වයන් යටතේ ද කිසිඳු විධිමත් පරීක්‍ෂණයක් නොකිරීමෙන් වටිනා මිනිස් ජීවිත අහිමි වීම මෙන්ම ප්‍රදේශයේ ජන ජීවිත ද අඩාල වන තත්වයකට මේ වන විට පත්ව ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පෙර ක්‍රියාත්මක වූ පරිදි ශ්‍රී ලංකා පොලීසිය යටතේ ක්‍ෂණික විහිඳුම් බලකායක් වහාම ඇති කිරීමට තමන් යෝජනා කරන බව ඔහු සඳහන් කළේය.

තවද රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරු නිවැරදිව හා විශ්ලේෂණාත්මකව සුදුසු අන්දමින් ක්‍රියාත්මක කිරීම ද කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එක් එක් කණ්ඩායමට හෝ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි රටේ නීතිය අතට ගැන්මට ඉඩ නොදී ඕනෑම ආකාරයක ආගමික කණ්ඩායමක් වේවා, ජන කණ්ඩායමක් වේවා, දේශපාලන හෝ වෙනත් පක්ෂ සංවිධාන වේවා ඒ ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන නීතියක් නොවී සැමට පොදුව, ඍජුව, අපක්‍ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රටේ පවතින මතයක් නම් එක් පාර්ශවයකට පමණක්, එක් කණ්ඩායමකට පමණක් නීතිය ක්‍රියාත්මක වුවත් අති බහුතරයකට නීතිය ක්‍රියාත්මක නොවන බවයැයිද ඔහු පැවසීය..

එමනිසා සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන බව සමාජය ඉදිරියේ ඔප්පු කිරීමට පොලීසියට දැඩි වගකීමක් පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය වටපිටාව රටේ ස්ථාපිත ස්වාධින පොලිස් කොමිසම හරහා පොලිසියේ සෑම නිලධාරියෙකුටම උදා කර දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සූකර දේශපාකයින්

මෙවන් ගැටුම් සිදුවීමට තුඩු දෙන සහ ගැටුම් ඇතිවීමෙන් පසුව ඒවා සාවද්‍ය අන්දමින් සමාජගත කරන ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, සූකර දේශපාලනඥයින්ට සහ පුද්ගලයන්ට එරෙහිව රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීය.

එසේ නොවන සෑම අවස්ථාවකම අර්බුධ ඇතිවීමේ සහ පැතිරීමේ ප්‍රවණතාව සීග්‍රයෙන් ඉහළ යා හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෑත කාලීනව වැඩි අවස්ථා ප්‍රමාණයක දී ඒ ඒ ප්‍රශ්නවලට අදාල තීන්දු තීරණ ලබා නොදීමත්, නීතිය ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් මෙවන් අර්බුධ උද්ගත වී ඇති බවට ද ඔහු චෝදනා කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ක්ෂණික විහිඳුම් බලකායක් ඇති කරන්න' - ඇමති චම්පික.
'ක්ෂණික විහිඳුම් බලකායක් ඇති කරන්න' - ඇමති චම්පික.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjodMYKMq8kAc_9dfKsp87HhPlZSM-Lg_Hw619wFnLcyuwcPLTha1X060ILwDsyfG7qfDH8voHE9cprMtKeZTMvpw7RQnynyLhgtZADy7nZLSXjKIJu_NLalxJhC5apho2QmLMNHQvEaE0/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjodMYKMq8kAc_9dfKsp87HhPlZSM-Lg_Hw619wFnLcyuwcPLTha1X060ILwDsyfG7qfDH8voHE9cprMtKeZTMvpw7RQnynyLhgtZADy7nZLSXjKIJu_NLalxJhC5apho2QmLMNHQvEaE0/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy