එළැඹෙන පළාත් පාලන මැතිවණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීම...
එළැඹෙන පළාත් පාලන මැතිවණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව Lanka C News වෙබ්අඩවිය වාර්තා කරයි.
බැදුම්කර චෝදනාව අගමැතිවරයාට පටවා ඔහු විශ්වාස භංගයක් මගින් ඉවත් කර නැවත එක්සත් ජාතික පක්‍ෂයේම පුද්ගලයෙකු අගමැති කිරීමට එම පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබා ගැනීමට මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්නෝ සැලසුම් කර ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.
ඒකාබද්ද විපක්‍ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහයද ඊට ලබා ගත හැකි වනු ඇති බවත්, මෙම මෙහෙයුම සදහා ප්‍රබල ලේකම්වරයෙක් ශ‍්‍රීලනිප පාර්ශවයෙන් මැදිහත් වී ඇති බවත් එජාපය පාර්ශවයෙන් ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් මැදිහත්ව සිටින බවත් එහි සදහන්ය.
එසේම රනිල් එලවා සජිත් අගමැති කරන යෝජනාවට එජාප ප‍්‍රබල මන්ත‍්‍රීවරයා දැඩි විරෝධය පල කර ඇති බවත් වැඩිදුරටත් Lanka C News වෙබ්අඩවියේ සඳහන් වේ.
COMMENTS