අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරි...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් ලිපියක් භාරදී තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද(22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත මෙම ලිපිය භාරදී තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ.
එදින පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතරය. ඡන්ද විමසීම 9.30 ට ආරම්භ කෙරේ.
කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය.
කෙසේ වෙතත් ඊයේ ඉදිරිපත් කළ විශ්වාසභංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබිණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ ය.
කරුණු 14 ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ආමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන සුසන්ත පුංචි නිලමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබුණි.
COMMENTS