ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ල...
ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.
මීට අමතරව මූල්‍ය විනය පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම වසර තුළ දී අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි.
නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් අද (01) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උත්සවයක් පැවැත්විණි.
නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී විය.
පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් රාජ්‍ය ආදායම වර්ධන කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් වුව ද ඊට සමානව රාජ්‍ය වියදම ද ඉහළ ගිය බව කී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා නව වසර තුළ වියදම් කළමනාකරණය කෙරෙහි සියලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද සඳහන් කළේ ය.
සෙසු අමාත්‍යාංශවලට ද එහි වගකීම තිබුණ ද ප්‍රමුඛ අමාත්‍යාංශයක සේවක සේවිකාවන් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් තිබේ.
ගෙවී ගිය වසරේ සේම එළඹි නව වසරේ දි අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවැසීය.
COMMENTS