දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා - බංග්ලාදේශ වෙළෙද ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්.
Homeගොසිප්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ වෙළෙද ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්.

PropellerAds

ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, ස...

එජාප දියවීම දිගටම : කැලණියේ ප්‍රබලයින් පිරිසක් ශ්‍රීලනිපයට.
ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.
දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.

ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, ආයෝජන හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි වී ඇති බවත්, මේ හේතුවෙන් පස් අවුරුදු කාලය තුළ දෙරටේ වෙළෙඳ ගණුදෙනු සියයට 55% කින් වර්ධනය වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති බංගලිදේශ ජනරජයේ 47 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

බංගලිදේශ ජනරජයේ 47 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රි ලංකා ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ශ්‍රි ලාංකීය පුරවැසියන් සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම් බංගලිදේශ ගරු ජනාධිපති අබ්දුල් හමීඩ් මැතිතුමාට, ගරු අගමැති ෂීක් හසීනා මැතිණියට මෙන්ම එරට පුරවැසියන් සියලු දෙනාට පිරිනමනවා.

ශ්‍රි ලංකාව හා බංගලිදේශය අතර දිගුකාලීන මිත්‍රශීලි සම්බන්ධතාව, සංස්කෘතික, ආගමික සහ මිනිසුන්, මිනිසුන් අතර සබඳතා ලෙස විහිදී පැතිරී යනවා. එම නිසා අප දෙරටේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ආදී ක්‍ෂේත්‍ර පැහැදිලිව අනාවරණය කරනවා. එම නිසා අපේ පොදු සංස්කෘතික ආකල්ප හා ඵෙතිහාසික සබඳතා, අපගේ නූතන අන්තර් රාජ්‍ය සම්බන්ධතා සඳහා ඉතා වැදගත් වෙනවා. අප දෙරට අතර වෙළෙඳ ආර්ථික සබඳතා ඉතාමත් සවිමත් මට්ටමින් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව 2013 වසරේදී අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 102 ක් පමණ වුණා. එය ගෙවී ගිය වසර 05 තුළ සවිමත්ව වර්ධනය වී 2017 වන විට අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඇමරිකානුඩොලර් 166 දක්වා සියයට 55% කින් පමණ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය 2016 වසර සමඟ සංසන්දනය කරන විට 2017 දී, දෙරටේ වෙළෙද ගණුදෙනු වටිනාකම සියයට 17% කින් වර්ධනය වෙලා තියෙනවා.

ඒ වගේම අපේ දෙරටටම පොදු අරමුණු තිබෙනවා. ඒ සඳහා අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා එකට එක්වී ඉතා සමීපව කටයුතු කරනවා. අපේ රටේ ආපදාවකට හෝ ස්වාභාවික ව්‍යවසනයකට පත් වූ සෑම අවස්ථාවකදීම බංගලිදේශය අපට උදවු උදව් කරමින් සහයෝගය දක්වලා තියෙනවා. ඒ සඳහා අපේ රජයේත්, ශ්‍රි ලාංකීය ජනතාවගේත් ප්‍රසාදය හා ස්තූතිය පුද කරන්න කැමතියි.

ඒ වගේම බංගලිදේශය මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත් වීම සම්බන්ධව අපගේ රටේ සුභාසිංෂන පිරිනමනවා. ඒ වගේම අප දෙරටේම සහයෝගීතාවය නිසාම බංගලිදේශයේ ආයෝජකයින්ට විශාල ආයෝජන අවස්ථා සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස ආරධනා කරනවා.

ශ්‍රි ලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරාය, ශ්‍රි ලංකා ආර්ථිකයට ඉතා වැදගත් සේම, බංගලිදේශයේ චිතගොන් වරාය එරටේ ආර්ථිකයට ඉතා වැදගත් වෙනවා. මේ අනුව කොළඹ, හම්බන්තොට හා චිතගොන් වරායන් මඟින් දෙරටේ නාවික හා සංචාරක ක්‍ෂේත්‍රයට සුවිශේෂී පහසුකම් ලබා දී තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවන්ගෙන් දෙරටටම මිත්‍රශීලි ලෙස නව ආයෝජන අවස්ථාවන් ගැන හොඳින් කල්පනා කළ යුතු වෙනවා. මේ අනුව අප දෙරටේ පවත්නා ශක්තිමත් මිත්‍රශීලි සම්බන්ධතාව තව තවත් සවිමත් කරමින් ඉදිරියට ගෙන යාම තුළින් අප දෙරට තුළ ව්‍යවසායකයින්ට ඉතා හොඳ අවස්ථාවන් උදා කර දීමට හැකි වෙනවා යැයි පැවසීය.

මෙම බංගලිදේශ නිදහස් උළෙල ශ්‍රි ලංකා බංගලිදේශ මහකොමසාරිස් රියාස් හම්දුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා - බංග්ලාදේශ වෙළෙද ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ වෙළෙද ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiLQIjK2eeTjdAqaHjpctwvnyo6iFMr3zes64V7u-wMponJrFd1KP8yPfOxMZsoQ_gcxnPoueRvU94kbPlEFRxJWfsN-z10bm4emEScuBoQ_qjYpAA572MDZpUgASdbolPve0kGMc4v7U/s1600/sri-lanka-bangladesh-flags.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiLQIjK2eeTjdAqaHjpctwvnyo6iFMr3zes64V7u-wMponJrFd1KP8yPfOxMZsoQ_gcxnPoueRvU94kbPlEFRxJWfsN-z10bm4emEScuBoQ_qjYpAA572MDZpUgASdbolPve0kGMc4v7U/s72-c/sri-lanka-bangladesh-flags.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy