දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබේ. ඉකුත් 28 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිද...
දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබේ.
ඉකුත් 28 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි දේශීය ව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට අවසර ලබාදුන් බව එහි සභාපති හසිත තිලකරත්න සඳහන් කරයි.
ඒ අනුව රුපියල් 930ක්ව පැවති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක් වනු ඇත.
දේශිය සමාගම් එලෙස මිල වැඩිවීමක් ඉල්ලා ඇත්තේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව‍්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි.
COMMENTS