මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වා...
මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
COMMENTS