මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මොව...
මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මොවුන් සාපරාධි ක්‍රියාවලට අදාලව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පරික්ෂණ සිදු කළේය.
ඒ අනුව සැකකරුවන්ගෙන් 08 දෙනෙකු ඊයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
තවත් සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය සදහන් කළේය.
ඒ අනුව සැකකරුවන් එළඹෙන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS