මැතිවරණ පැමිණිලි නව ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහ...
මැතිවරණ පැමිණිලි නව ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ කෙටි පණිවුඩ මඟින් මැතිවරණ පැමිණිලි සෘජුවම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරිමේ හැකියාව මෙමඟින් ලබා දෙන බවයි.
ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව EC හිස්තැනක් EV හිස්තැනක් අදාළ දිස්ත්‍රික්කය හිස්තැනක් තබා ඔබගේ පැමිණිල්ල සටහන් කර 1919ට කෙටි පණිවුඩයක් ලෙස යොමු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
අදාල දිස්ත්‍රික්කයේ ප්‍රදේශය සඳහන් කරමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන පාර්ශව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS