පා ස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් තිබූ අන්දම අනාවරණ විය. මුල පුරවැසියාසු සිට සමස්ත දේශපාල...
පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් තිබූ අන්දම අනාවරණ විය. මුල පුරවැසියාසු සිට සමස්ත දේශපාලන යාන්ත්‍රණය සහ විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන නිලධාරී යාන්ත්‍රණය මේ වන විට දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන තීන්දු තීරණ ගැනෙන ආරක්ෂක මණ්ඩලය පිළිබඳව ඇතැම් විවාදාත්මක කාරණා මෙම පාස්කු ප්‍රහාරයෙන් පසු අනාවරණ විය.
විශේෂයෙන් ව්‍යවස්ථාමය බලයක් සහිතව අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමති ආරක්ෂක මණ්ඩලයට සහභාගී විය යුතු වුවත් 21 ප්‍රහාරයෙන් පසු කියවුණේ අගමැතිවරයාට හා ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පසුගිය මාස හයක පමණ කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොමැති බවයි.
එලෙස වාරණය කළ නොහැකි බව එදා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටි ඉහළ නිලධාරියෙක් අවධාරණය කර තිබේ.
එහෙත් ඊට ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ එයාලා එක්ක මට ආණ්ඩුවක් නැහැ. ඔයා දන්නවනේ ඒක. ඒ මිනිස්සු මේකට අවශ්‍ය නැහැ" යනුවෙනි.
ජනාධිපතිවරයාගේ ස්ථාවරය එය වුවත් එවැනි ආරක්ෂක මණ්ඩලයක් නීත්‍යානූකූල නොවන හෙයින් "ආරක්ෂක මණ්ඩලය" යන නම වෙනස් කරමු යන්න එම නිලධාරියා බැරිම තැන යෝජනා කර තිබේ.
ඒ මොහොතේ හෝ ජනාධිපතිවරයා කළයුත්ත නොකළ යුත්ත තේරුම් ගෙන නොමැති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
එහෙත් ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වූ අතර එය යුක්ති සහගත නොමැති බව පෙන්වා දුන්නද එයද ජනාධිපතිවරයා මායිම් කර නොමැති බවයි එම ආරංචි මාර්ග අවධාරණය කළේ.
ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ මොහොතේ ජනාධිපතිවරයා හැසිරෙන අන්දමත් ඊට පෙර කාලය තුළ වූ හැසිරීමත් පරස්පර විරෝධී බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත කියා සිටියේ.
-lankanewsweb

COMMENTS