දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය [Video]
Homeගොසිප්

CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය [Video]

PropellerAds

අද උදෑසන ලංකාව 70 වැනි නිදහස සමරමින් සිටියදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍ර...

කටුබැද්ද කැම්පස් බිල්ඩිමේ මේසන් බාස් ගෝලයාට මිටියෙන් ගහලා මරලා
රත්මලාන කුලී කාමරේ තරුණයාගේ අනියම් බිරිය බෙල්ල කපා පැන ගිහින්
ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම්

අද උදෑසන ලංකාව 70 වැනි නිදහස සමරමින් සිටියදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගත් ආකාරය සිරස මාධ්‍ය ජාලය විසින් සජීවී ව විකාශය කෙරුණේ සිරස මාධ්‍ය සදාචාරය නැවත වරක් ප්‍රශ්නගත කරමින් පමණක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද විශාල හානියක් සිදු කරමිනි.

සීඅයිඩී ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරිය, පසුගිය 2 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකළ කරුණු දැක්වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම් මෙසේ සිදුවෙද්දී සී අයි ඩී නිළධාරීන්ට එක් මූලික නීතිමය කාරණයක් අමතකව ඇති සෙයකි.

එනම්, මෙකී ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ජෝෂෆ් ඇලෝෂියස්, කසුන් ඔෂධී පලිසේන යන අය සැකකරුවන් පමණක් බවයි.

සීඅයිඩී ය විසින්ම ඉදිරිපත් කරන ලද ලිඛිත කරුණු දැක්වීමේ සඳහන් වන්නේ ද ‘‘ඔවුන් සැකකරුවන් සේ සලකන ලෙසට අධිකරණයෙන් අයැද සිටින බව‘‘ යි.

එසේ අධිකරණයෙන් අයැද සිට සැකකරුවන් වශයෙන් නම් කරනු ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙක් අද උදෑසන ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔවුන් ට සැකකරුවන් වශයෙන් සලකමින්ද? නැතිනම් වරදකරුවන් වශයෙන් සලකමින් ද?

භාරවන ලෙසට දැනුම් දීමක් කළේ නැහැ :

අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙනු ඇත්තේද සැකකරුවන් වශයෙන් මිස වරදකරුවන් වශයෙන් නොවන බවට වන සාමාන්‍ය නීතිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දන්නේ නැතිද...?

පසුගිය සිකුරාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම අවසරය ලබාගැනීමෙන් අනතුරුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක සැකකරුවන්ට පැමිණ භාරවන ලෙසට දැනුම් දීමක් කළේ නැත.

ඉන්පසු හිටි හැටියේ එතැනට එන කැමරා මානාගත් සිරස මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ මේ හාස්‍ය රංගනය රඟ දැක්වෙයි.

මෙම සැකකරුවන් තිදෙනා අතරින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, දෙවැනිදා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම සිදුවන විටත් සිටියේ රටින් බැහැර ව ය. ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන දෙදෙනාම සිටියේ විවෘත සමාජයේ ය.

සීඅයිඩී ය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම අනුව ඔවුන් පොදු දේපළ වරදක් හෝ වරදවල් කර ඇති හෙයින්ද, ඒවා සංඥෙය වරද ගණයට වැටෙන හෙයින් ද, වරෙන්තු රහිතව ඔවුන් ව අත්අඩංගුවට ගැනීමට බලය තිබෙන බව සැබෑවකි.

නිසි ‍ගෞරවය සහ අභිමානය ?

නමුත් එසේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත යුත්තේ, සෑම සැකකරුවෙකුටම නීතිය මගින්ම පිරිනමා තිබෙන නිසි ‍ගෞරවය සහ නිසි අභිමානය රැකෙන පරිදි ය.

මේ සැකකරුවන් තිදෙනා පෙබරවාරි 7 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බවට සති කිහිපයක පටන් මාධ්‍ය වාර්තා පළ වෙද්දී සහ සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීම් ගැන පවා මාධ්‍ය විසින් වාර්තා කරද්දී මේ සැකකරුවන් දෙදෙනා කිසිම අවස්ථාවක නීතියෙන් පළා යාමට උත්සාහ කළේ නැත. දැනුම් දීමක් කළේ නම් ඔවුන් භාරවීමට ඉඩ තිබිණි.

කිසිම අවස්ථාවක සීඅයිඩී ය එසේ භාරවන ලෙසට ඔවුන්ට දැනුම් දීමක් කර නැත.

මෙම හාස්‍ය රංගනයේ පිටපත ඉතා දුර්වල බව අප කියන්නේ එනිසා ය.

අඩුම ගණනේ මරු සිරා පවා මෙසේ ටෙලි නාට්‍යයක් රූගත කරන ආකාරයට අත්අඩංගුවට ගැනීමට සී අයි ඩීයට නොව කිසිම අධිකාරියකට බලයක් නැත.

සිරස දැනගත්තේ කෙසේද ?

අර්ජුන් ඇලෝසියස් පවා නොදැන සිටි මොහොතක ඇලෝසියස්ලා වෙත සී අයි ඩී ය යන බව සිරස දැනගත්තේ කෙසේද යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයකි.

එය හුදෙක් ඔවුන්ගේ විස්කමක් ලෙස කෙනෙක් විසින් අර්ථ දක්වන්නට ඉඩ ඇතත්, මෙතැනදී බරපතළ ලෙස ප්‍රශ්න කළ යුත්තේ එය නොව සිරසේ මාධ්‍ය සදාචාරයයි.

ඔවුන්ට මේ සිද්ධියේ සැකකාර පාර්ශවයන් සමග යම් පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට තිබෙනවාද? මෙය, බදු ගෙවන ජනතාව ජීවත් වන රටක විකාශන බලපත්‍රයකින් ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ ටෙලිවිෂන් නාලිකාවක වගකීම් විරහිත හැසිරීම නැවත වරක් ප්‍රදර්ශන කිරීමකි.

‘‘අධිකරණයේ නිසි ක්‍රියාදාමය මගින්, එනම් නඩු විභාගය අවසන් ව තීන්දුව ලැබෙන තෙක් සැකකරුවෙකුට වරදකරුවෙකු සේ නොසැලකිය යුතු බව‘‘ අපරාධ නීතියේ එක් මූලිකාංගයකි.

පාසල් ළමුන් පවා දන්නා මේ සිද්ධාන්තයට කියන්නේ ‘නිර්දෝෂී බවේ පූර්ව නිගමනය‘ කියා ය.

එනම් අධිකරණමය වරදකරුවෙක් බවට පත්වන තෙක් සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂියෙකු වන බව ය.

මෙය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ලෝකය තුළ සැලකෙන්නේ නීතියේ ආධිපත්‍යය හෙවත් නීතිය මත පාලනයේ ද එක් මුල් ගලක් ලෙස ය. නීතියේ ආධිපත්‍යය, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවල වරනගන ‘යහපාලනයේ‘ මූලිකම පදනමයි.

ජනාධිපතිගේ 'නිදහස් කතාවට' තල්ලුවක් ද?

මෙම අත්අඩංගුවට ගැනීම්වලට සමගාමී ව හෝ ඊට ආසන්න වේලාවක ජනාධිපතිවරයා නිදහස් සමරු උත්සවයට සහභාගි වෙමින් කියා සිටින්නේ ‘‘අද දවසේ දේශප්‍රේමිත්වය යනු මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමයි‘ යනුවෙනි.

මේ අනුව සී අයි ඩී නිළධාරීන් අද උදෑසන සිරසෙන් සජීවී මාධ්‍ය ආවරණයක් ලබාගනිමින් රටේ බරපතළම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මෙම සිද්ධියේදී මෙසේ කටයුතු කළේ ජනපතිවරයා හෝ වෙනත් දේශපාලකයෙක් පිනවීමට ද යන බරපතළ ගැටළුව මෙහිදී නිරායාසයෙන් මතු වේ.

පසුගිය කාලය්දී කොණ්ඩයාගේ සිද්ධියේ පටන් ගිරිබාව ස්ත්‍රී දූෂකයා දක්වා පොලිසිය විසින් විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් යැයි කියමින් සාමාන්‍ය සිවිල් වැසියන් කුදලාගෙන යන අවලස්සන ආකාරය අපි දැක ඇත්තෙමු.

ඒ ඇතැම් අවස්ථාවන් සඳහා ද මෙබඳුම බාල ගණයේ මාධ්‍ය ආවරණ සපයාගෙන තිබිණි.

නමුත් රටේ ජාතික ආර්ථිකයට තීරණාත්මක හානියක් සිදුකළ සිද්ධියක් ලෙසට අර්ථ දක්වා ඇති බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කළේ සහ මෙම අත්අඩංගුවට ගැනීම් කළේ ගමේ පොලිසිය නොව මේ සම්බන්ධයෙන් ලංකාවේ පොලිසියේ තිබෙන ඉහළම අධිකාරිය වශයෙන් සැලකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මෙම දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිළධාරීන් විසින් විද්‍යා දැරියගේ සමූහ දූෂණ සිද්ධිය වැනි අවස්ථාවලදී අතිශය ප්‍රශංසනීය ලෙස හැසිරුණු ආකාරය පිළිබඳ අපි කතා කර ඇත්තෙමු.

නමුත් අසීරුවෙන් දොවාගත් කිරි කළයකට ඒ දෙපාර්තමේන්තුවේම සිටින අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇතැම් නිළධාරීන් ගොම බිඳු මුසු කරමින් සිටින අයුරු ශෝචනීය ය.

සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් කඩලා :

මේ අනුව බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ව අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් විසින් ඉතාම පැහැදිලිව සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ. ඒ බවට සාක්ෂි ද ඔවුන් විසින් සජීවී ව රටට සපයා අවසන් ය.

ඒ, ඔවුන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළේ ටෙලිවිෂන් නාලිකාවකින් ලැබුණු සජීවී මාධ්‍ය ආවරණයක් ද සහිතව නිසා ය.

මේ නිසා අවසානයේ මේ සිද්ධියේදී අමාරුවේ වැටී සිටින්නේ සීඅයිඩී යයි.

යුක්තිය පසිඳලීමට සහාය වීම පිණිස අවංක උවමනාවක් තිබේ නම් මේ සී අයි ඩී නිලධාරීන් මුලින්ම කළ යුත්තේ දේශපාලකයන් පිනවීම නතර කිරීමයි.

මෙවැනි හාස්‍ය රංගනවලින් බොළඳ මාධ්‍ය සන්දර්ශනවලට උඩ ගෙඩි දීමෙන් වැළකී සිටීමයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය [Video]
CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp_WTg9s7KIzaDwkO5977O4BnhXuu3ivQ8hdbAEJlX_7UWm-YSAIx7LHuoPpmJ7y5ELC5tbdVgAr87juw06Cea8P5CLGA2b2INKcfjQLmqLfSl8wNJ7mztPWI4AOhBLR1c4zRyGqr3XuWT/s1600/sirasa.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp_WTg9s7KIzaDwkO5977O4BnhXuu3ivQ8hdbAEJlX_7UWm-YSAIx7LHuoPpmJ7y5ELC5tbdVgAr87juw06Cea8P5CLGA2b2INKcfjQLmqLfSl8wNJ7mztPWI4AOhBLR1c4zRyGqr3XuWT/s72-c/sirasa.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/cid-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/cid-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy