දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි.
Homeගොසිප්

ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි.

PropellerAds

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගෙන තමන් ඉදිරි දින කිහිපය තුළ ඉතාම බරපතල දේශපාලන තීන්දුවක් ගනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස...

ක්‍රිකට් පුහුණුවේදී සනත් ජයසූරිය පුතාට බණින වීඩියෝව හා ප්‍රතිචාර
ගුවන් තොටේ කුඩු සෝදිසියට සුනඛයෝ 20ක්
මට වැඩක් කරන්න දුන්නේ නෑනේ-රවී

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගෙන තමන් ඉදිරි දින කිහිපය තුළ ඉතාම බරපතල දේශපාලන තීන්දුවක් ගනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (11) වනදා පෙරවරු 11.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට අමාත්‍යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී වන අතර ඊට සහභාගී වූ අමාත්‍යවරයෙකුද මේ බව සනාථ කර සිටියේය.

එජාප - ජනාධිපති අතර අද 5ට තීරණාත්මක සාකච්ඡාවක්

එසේම මෙම බරපතල දේශපාලන තීන්දුව ජනාධිපතිවරයා ගැනීමට තීරණය කර ඇත්තේ අද (11) සවස 5.00 ට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ නායකයින් සමඟ පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවෙන් පසුව බවත් එහිදී යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳවද සාකච්ඡා කෙරෙණු ඇති බවද දැනගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවේදී සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුර වෙනස් වීමක් සිදුවීමටද නියමිත බවත් ඒ වෙනුවෙන් වන යෝජනාවක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිප අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ තීන්දුව කල්යයි

මේ අතර ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගනිමින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ගෙන තිබූ තීන්දුව දින කිහිපයකට කල් තැබීමට එම අමාත්‍ය කණ්ඩායම තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධව සිදුකළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව තම තීරණය දින කිහිපයකට කල් තැබීමට පොදු තීරණයක් ගැනුණු බවය.

ශ්‍රීලනිප ඇමතිවරු මත දෙකක

එසේම ජනාධිපතිවරයා ඉදිරියේදී ගනුලබන බව පැවසෙන බරපතල දේශපාලන තීන්දුව කුමක්ද යන්න සැළකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගනුලබන බවද එම අමාත්‍යවරයා පැවසීය.

තවද මේ වන විට වත්මන් ආණ්ඩුව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර මත දෙකක් ඇති බවත් ඒ, තවදුරටත් බෙදී නොසිට ජනමතයට ගරුකර පොදුජන පෙරමුණ සමඟ එකතුවීම හෝ අමාත්‍යධුර වලින් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි.
ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMFJ-1nBH8F_8LJcPJgHfFk5LJS8p0RtL0afG0WkKt7SZExK7XR1yVD_iAYvjPgo2aQzNMS5jL-dHzr1-R_5Ol2sIEWI7xcWUaQRhVyYA9ULRtcvA9zpUMY0xKobcEWq-JwjF5O-rw0PBK/s1600/maithripala+S+S.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMFJ-1nBH8F_8LJcPJgHfFk5LJS8p0RtL0afG0WkKt7SZExK7XR1yVD_iAYvjPgo2aQzNMS5jL-dHzr1-R_5Ol2sIEWI7xcWUaQRhVyYA9ULRtcvA9zpUMY0xKobcEWq-JwjF5O-rw0PBK/s72-c/maithripala+S+S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy