මේ වන විට මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව නිරීක්ෂණ සංවිධාන පවසයි. කිසිඳු බරපතළ සිද්ධියක් වාර්තා නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි. මේ අතර ඊය...
මේ වන විට මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව නිරීක්ෂණ සංවිධාන පවසයි.
කිසිඳු බරපතළ සිද්ධියක් වාර්තා නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
මේ අතර ඊයේ දිනය තුළ මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමේ සුලු සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බව පොලීසිය පවසයි.
තඹලගමුව, නාරාහේන්පිට, ආනමඩුව, බදුරලිය, වැලිඔය, නාඋල, දෙහිඅතංතකණ්ඩිය ආදි ප්‍රදේශ වල අත් පත්‍රිකා බෙදාහැරීම්, පෝස්ටර් බෙදාහැරීම්, බැණ තර්ජනය කිරීම් ආදී සිද්ධීන් කිහිපයක් වාර්තා වන බව පොලීසිය පවසයි.
අද දිනය තුළ දිවයින පුරා සෑම ඡන්ද කොට්ඨාසයකම ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
COMMENTS