මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ...
මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මඩකළපුව පොලීසිය විසින් අදාළ නිවස පරීක්ෂා කර තිබේ.
එහිදී මඩකළපුව හිටපු නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
COMMENTS