ජපන් අන්තර්ජාතික සහයෝගිතා වැඩසටහන යටතේ ජපන් ආධාර මත රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකළ ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රගාරය දිගන කිරි පි...
ජපන් අන්තර්ජාතික සහයෝගිතා වැඩසටහන යටතේ ජපන් ආධාර මත රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකළ ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රගාරය දිගන කිරි පිටි කර්මාන්ත ශාලාවේදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා “අපගේ මිල්කෝ දිගන කර්මාන්ත ශාලාවේ පිටවන අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හරිනවා. ඒ වගේම පරිසර හානියක් වෙනවා කියලා ප්‍රදේශවාසිනුත් දිගින් දිගටම මැසිවිලි නැග්ගා, ඒ අයගේ විරෝධත්වය ප්‍රකාශ කෙරුවා. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් ජයිකා ආයතනය මඟින් මෙහි පිරිපහදුවක් ඇති කරලා ඒ ජලය පිරිසිදු කරලා ලබා දීම අපි කාටත් සතුටට කාරණයක් හැටියට තමයි දකින්නේ.“
මෙම අවස්ථාව සඳහා ජපානයේ තානාපති කොනිචි සුගොනොමා මහතා, ජයිකා මෙරට ප්‍රධාන නියොජිත කියෝෂි අමාගා මහතා, ජාතික කිරි මණ්ඩලයේ සභාපති කීර්ති මිහිරපැන්න, පරිසරි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. එම්.එච්.කේ. සේනානයක මහතා ඇතුළු නිලාධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.
COMMENTS