කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව යාමට නියමිතව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදෑසන නියමිත වේලාවට...
කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව යාමට නියමිතව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදෑසන නියමිත වේලාවට පිටත් නොවීම හේතුවෙන් ගුවන් මගීහු දැඩි දුෂ්කරතාවට පත් වූහ.
අදාළ ගුවන්යානාවල හටගත් කාර්මික දෝෂ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.
මේ හේතුව නිසා මඟීන්ට පය 08කට අධික කාලයක් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට සිදුවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයට පත් වූහ.
මෙම සිදුවීමත් සමඟ ගුවන් මගීන් සහ බලධාරීන් අතර නොසන්සුන්කාරීත්වයක්ද හටගත් බව ගුවන්තොටුපල බලධාරීන් පවසා සිටියේය.
COMMENTS